
(කේ බුද්ධික කුමාරසිරි)
අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත පුද්ගලයන් නැමැත්තා ඇතුළු දෙදෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාව මත බන්ධනාගාර ගතව සිටි පුද්ගලයන් අට දෙනෙකු එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ ශරීර ඇප සහ දැඩි කොන්දේසි මත මුදා හැරීමට හෝමාගම මාහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා අද (10) දින නියෝග කලේය.
මෙම සැකකරුවන් අට දෙනාගේ විදේශ ගමන් තහනම් කරමින් එම සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් සෑම ඉරු දිනකම අතුරුගිරිය පොලිසියේ පෙනී සිට අත්සන් කල යුතු බවටද දැඩි ඇප කොන්දේසි පැනවීමට මහාධිකරණ විනිසුරු නියෝග කලේය.
පසුගිය ජූලි මස 08 වන දින අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක සිදු කළ වෙඩි තැබීමක දී මියගිය විජේසූරිය ආරච්චිගේ නයන වාසුල විජේරත්න සහ රාජපක්ෂ අප්පුහාමිලාගේ දොන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත යන අය වෙඩි තබා ඝාතනය කිරීමට අදාළව ආධාර අනුබලදීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂණ භාරයට පත්කර තිබුණි.
2025 දෙසැම්බර් මස 18
611
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ක්ලබ්‘ වසන්ත ඝාතන සැකකරුවන්ට ඇප
පම්පෝරි ජනක Tuesday, 10 December 2024 02:44 PM
ඇයි ශාක්ෂිත් එක්ක නේද මේ ගොල්ලන්ව ඇල්ලුවේ නඩුව එක දිගට අහගෙන යන්න බැරිද? දැන් එළියට ඇවිල්ලා සුපුරුදු විදිහට පරණ පාතාලේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්...!
fairoos Tuesday, 10 December 2024 07:05 PM
දෙයියෝ සාක්කි කිව්වලු... තාම විමර්ෂණ ඉවර නෑ නේද?