
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
වගකිව යුතු රජයක් කළ යුත්තේ කලාපයේ අඩුම මිල සහිත විදුලිය ලබාදෙන රට බවට පත් කිරීම යැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය අරඹමින් අමාත්‍යවරයා මේ බව කීය.
විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත මගින් විදුලිබල ක්ෂේත්‍රයේ විශාල පිම්මක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.අප රටේ විදුලි බල ක්ෂේත්‍රය වෙළඳපොළ ක්‍රමයකට ප්‍රතිසංස්කරණය විය යුතු බවට මීට පෙර සාකච්ඡා ඇරැඹී තිබුණත් එවක පාලකයන්ගේ අරමුණ වූයේ ජනතාවගේ බොටුව මිරිකා විදුලි ගාස්තු වැඩිකර තම බඩ වඩා ගැනීමයි.
මේ රටේ විදුලි අර්බුද ස්වභාවිකව ඇති වූවා නෙවේ.අතීතයේ විදුලි අර්බුද ඇතිකර හදිසි මිලදී ගැනීම් ආදිය සිදුකර තිබෙනවා.කුඩා රටක් වන අපට විදෙස් ආයෝජන ගෙන්වා ගැනීම ඉතා වැදගත් යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කලාපයේ අඩුම විදුලි බිල ඇති රට කිරීම අපේ අරමුණයි
de silva Wednesday, 06 August 2025 01:52 PM
කරන්න පුළුවන් විදුලි බල මණ්ඩලේ ඉන්න මාෆියකාරයෝ ටික ගෙදර ඇරියා නම් , මේක වසර පුරා සුලන් හමන , හිරු පායන , වැසි වසින රටක් , සුර්ය , සුලන් , ජාල විදුලිය වැනි පුනර්ජනනී ප්‍රභවයන් භාවිත කරන්න ඕනේ...
R.T.sarath Wednesday, 06 August 2025 01:53 PM
කොමිස් ගහන හොර ඉංජිනේරුවෝ ඉන්නකම් කරන්න බැහැ
ranjith Wednesday, 06 August 2025 02:33 PM
ඊළඟ ඡන්දයට තවත් පචයක්...!
යෝගා Wednesday, 06 August 2025 02:37 PM
හොර උපාධිකාරයෙක්ගේ තවත් කයිවාරුවක්. බිල අඩුකරන්නේ ඩීසල් මාෆියාවට උඩගෙඩි දීලාද?
de silva Wednesday, 06 August 2025 02:50 PM
හිරු එළිය , සුළං බලය ප්‍රභවයන් දෙක නිතර උච්චාවචනය වන නිසා , ඒක සමතුලිත කරගන්න දියුණු ග්‍රිඩ් එකක් (විදුලි ජාලයක් ) අවශ්‍ය වෙනවා , මේවා නවීකරණය කරගන්න ඩොලර් බිලියන 1,5 පමණ අවශ්‍ය වෙනවා , මේ මුදල ආයෝජනය කරන්න රජයට බැහැ මේකට පුද්ගලික අංශයේ සහභාගී කරගන්න ඕනේ , නමුත් විදුලි මාෆියාව මේකට හරස් කපනවා , ඔවුන් රජයට ලබාදෙන්නේ වැරදි උපදෙස්
මහසෙන් Wednesday, 06 August 2025 03:07 PM
රට්ටු හිනස්සනවා කියලා මෙහෙමත් අපිව හිනස්සන්න මහත්තයෝ.
Anuradha Wednesday, 06 August 2025 03:30 PM
සූර්ය බලශක්ති ගබඩා කිරීම සඳහා හොඳ සැලැස්මක් තබා ගන්න, අපි දිවා කාලයේදී ඉතා හොඳ සූර්ය බලශක්ති ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා, ඔබේ රජයට ඒවා ගබඩා කිරීම සඳහා හොඳ බැටරි පැක් ගොඩනගා ගත හැකි නම්, ඒකකයේ පිරිවැය අඩු කිරීම ඉතා ප්‍රයෝජනවත් විය හැකිය.
fairoos Wednesday, 06 August 2025 03:38 PM
ඉතාම හොඳයි...
Senarath Wednesday, 06 August 2025 04:03 PM
රට හදන්න හදපු විදුලිබලගාර ටික හදන්න නොදීපු උදවිය අද කියනවා, කලාපයේ අඩුම විදුලි බිල පවතින රට බවට අපේ රට පත්කිරීම අරමුණ කියලා. ඒක වෙන්න ඇති ලඟදි විදුලි බිල වැඩි කලේ