(පද්මා කුමාරී කංකානම්ගේ )
ඉන්දියාවේ සිට නීතිවිරෝධී අන්දමින් මෙරටට ප්‍රවාහනය කර කල්පිටිය ආණවාසල තුඩුව වෙරළ තීරයේ කැලෑවේ සඟවා තිබූ බීඩි කොළ කිලෝ 1150 ක් කල්පිටිය පොලිසිය අද (29) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම බීඩී කොළ තොගය, කිලෝ 30 බැගින්වන ඇසුරුම් 37ක බහා තිබී ඇත. මෙහි දළ වටිනාකම රුපියල් ලක්ෂ 50 ඉක්මවන බැව් කල්පිටිය පොලිසිය පවසයි.
සැකකරුවන් සහ මේවා ගොඩ බිම ප්‍රවාහනය සඳහා යොදාගත් වාහනය සොයා පරීක්ෂණ ආරම්භ කර ඇත.
කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදා ඉවත් කරන්න කියන අයගේ පිටුපස ඉන්නේ ජාවාරම්කරුවන් තමයි.
සිගරට් ගණන් හින්ද දැන් බීඩිවලට ඉල්ලුම වෙඩිවෙලා , ලඟදි මහා පරිමාණයේ අරක්කු ස්කාගාරයක් සොයාගත්තා කළුතරදී.