(කල්පිටිය පද්මා කුමාරී කංකානම්ගේ )
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂ්න් සභාව විසින්,කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නන්දන සෝම තිලක මහතාට,2018.දෙසැම්බර් 20 වන දින පෙරවරු එකොළහට,එම සභාවේ පුත්තලම කාර්‍යාලයේ පෙනි සිටින ලෙසට නොතීසි නිකුත් කර ඇත.
පැමිණිලි අංක HRC/2532/18 යටතේ,ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂ්න් සභා පනතේ 20 (3 )වගන්තියට අනුව,එම කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ අත්සන යටතේ මෙම නොතීසි නිකුත් කර ඇත.
කල්පිටිය පල්ලිවාසල්තුරේ මස්ජිද් පාර පදිංචි එච්,ඒ,සත්තාර් නම් සමෘද්ධීලාභියෙකු විසින්,ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයවීමක් සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලක් පදනම් කර ගනිමින්,ප්‍රදේශීය ලේකම්වරයාට,මෙම නොතීසී නිකුත් කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd