IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


’ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට රාජ්‍ය නොවන සංවිධානවල සහය

(යොහාන් භාසුර)

'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන පිළිබඳව රාජ්‍ය නොවන සංවිධානවල අදහස් විමසිමේ වැඩසටහනක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (13) පැවැත්විණි.

රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ කැඳවීමකට අනුව, අමාත්‍යංශයේ අතිරේක ලේකම් දමයන්ති කරුණාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන්, "ක්ලීන් ශ්‍රී ලංකා" සඳහා වූ ජනාධිපති විශේෂ කාර්ය බලකායේ සහභාගිත්වයෙන්  සාකච්ඡාව පැවති අතර,  වැඩසටහන අවසාන භාගයේදී මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය  නීතිඥ සුනිල් වටගල මහතා ද  එක්වූහ.

එයට සහභාගි වූ රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින්, මෙවැනි වැඩසහනක්  ඉමහත් බලාපොරොත්තුවෙන් සිටි වැඩසටහනක් බවත්, එම වැඩසටහන තුළින් සමාජයට විශාල බලපෑමක් සිදු කිරීමේ හැකියාවක් පවතින බවත් සඳහන් කළේය.

වැඩසටහන පිලිබද පූර්ව දැනුවත් කිරීම් නොකර ක්‍රියාත්මක කිරීමේ අවශ්‍ය බවත් ඔවුහු පැවසූහ.

රාජ්‍ය නොවන සංවිධාන  හා  සිවිල් සංවිධාන ජාතික එකමුතුව, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සාමූහිකය හා එම කණ්ඩායම් දෙකටම අයත් නොවන රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයෝ මෙම අවස්ථාවට සහභාගි වූහ.



අදහස් (3)

’ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට රාජ්‍ය නොවන සංවිධානවල සහය

Nihal Monday, 13 January 2025 08:02 PM

ආයෙමත් සමහර දුෂ්ටයන් අපවිත්‍ර කරන නිසා සිංගප්පූරුව හදාගත්තා වගේ දැඩි නීතී පනවා ක්‍රියාත්මක කරන්න, සිංගප්පූරුවේ බිමට කොලයක් දැම්මොත් දවස් තුනක් නගර සභාවේ වැඩකල යුතුයි

:       0       5

pakeer Monday, 13 January 2025 09:01 PM

"මේ වැඩ සැටහන් පටන් ගන්න තිබුණේ 1948 ඉඳලා... සුද්දෝ මේක දාලා ගිය දවසේ ඉඳලා... දැන් හරි, මේක කරපල්ලා. කාලකන්නි නූගත් හැත්තව අමතක කරලා. අඩු ගානේ තව 20න් වත් මේක මනුස්ස වාසයක් වෙයි."

:       1       6

Bandara Tuesday, 14 January 2025 08:01 AM

කෙහොමත් මෙයාට අනාදිමත් කාලයක සිට එන්ජිඕ සහය ඉහළින්ම ලැබුනා

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site