
(ජේ.ඉඳුරුවගේ)
රජය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩ සටහන සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපිත කර එහි සාමාජිකයන් පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කෙරිණි .
ඒ අනුව " ක්ලීන් ශ්‍රී ලංකා" ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් ලෙස ජනාධිපති ලේකම් එන්.එස්.කුමානායක ,යුද හමුදාපති,ගුවන් හමුදාපති ,නාවික හමුදාපති, වැඩ බලන පොලිස්පති ඩබ්ලිව් .එල්.ඒ.සමන් ප්‍රියන්ත ,නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඉන්ජිනේරු කුමුදුලාල් ද සිල්වා, අයි.එස්.ජයරත්න ,ගිහාන්ද සිල්වා, සන්ධ්‍යා සල්ගාදු, ආචාර්ය ගාමිණී බටුවිටගේ, ආචාර්ය අනුරුද්ධ ගමගේ, දිල්රුක් වනසිංහ, දීපාල් සූරියආරච්චි , සිසිර අමරබන්දු, ක්‍රිශාන්ත කුරේ, ජයතු පෙරේරා ,රුවන් වීරසූරිය , දයාන් කරුනාරත්න යන මහත්වරුන් හා නිලධාරීන් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබ සිටිති.
මෙම කාර්ය සාධක බලකායේ සභාපති ලෙස ජනාධිපති ලේකම් එන්.එස්.කුමානායක මහතාද, ලේකම් හා කැඳවුම්කරු ලෙස ජනාධිපති ජෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී.අපෝන්සු මහතාද පත්කල බව ගැසට් නිවේදනයේ සඳහන්වේ.
සමාජීය,පාරිසරික හා ආචාර ධර්මීය පිබිදීමක් මගින් සමාජය වඩා දියුණු මට්ටමකට ඔසවා තැබීමේ අරමුණු ඉටුකර ගැනීම සඳහා " ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන සැලසුම් කිරීම ,මෙහෙයවීම , ක්‍රියාත්මක කිරීම මෙන්ම එහි කාර්යන් ඉටු කිරීම පිළිබඳව ප්‍රගතිය කලින් කලට ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමද මෙම කාර්ය සාධක බලකායට පවරා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩ ගින්නේ ඉඳලා හරි කරන්න ඕනෑ වැඩක්, මේ රට ලස්සනට පිළිවෙලකට තබා ගැනීම සහ ජනතාවට ශීලාචාර හා ආචාරශීලි කිරීම...!
2015දී රනිල්ගේ පුබුදමු ශ්‍රී ලංකා වෙනත් නමකින්!! ඇත්තටම මාර ගුරු ගෝල සම්බන්ධයක්නේ රනිල් අනුර අතර තියෙන්නේ...!
ඉතාම කාලොචිත අදහසක්,තමන්ගෙ ගෙදර කුණු කලමණාකාරය සඳහා ක්‍රමෝපායන් හඳුන්වාදිය යුතුයි, පළාත් පාලන පාලනය ස්ථාපිත කලපසු ක්‍රමවත්ව වර්ග කල කසළ දැනට වඩා හොඳින් රැගෙනයාමට කටයුතු කල යුතුය . ඉන්පසු මහාමාර්ගවලට ගංගා ඇළදොළ වලට කසළ බැහැර කරනවුන් අල්ලා දැනට වඩා අධික දඩ නියම කිරීම සිරගත කිරීම කල යුතුය.
ප්ලාස්ටික් බෝතල යොගට් කප් කිරි පැකට් නිෂ්පාදකයන්ට තම දවටන බහාලුම් ආපසු කැඳවීමට බලකෙරෙන නීති සකස් කල යුතුය. නැත්නම් ඒ සඳහා පලාත්පාලන ආයතනවලට ගෙවීම් කල යුතුය. අර කොළපාට කිරි පැකට් මහමඟ දමා යාම කොතරම් ගුජුප්සාජනක ක්‍රියාවක්දැයි දෙමාපියන් සහ ළමුන් කල්පනා කල යුතුය.
ඕස්ට්‍රේලියාවේදී මා දුටු දෙයක් නම් එහි කිසිම වෙළඳ සලක භාණ්ඩයක් රැගෙනයාමට ෂොපින් මලු නොදීමයි. භාණ්ඩ ගත් අය ඒ සඳහා මලු රැගෙන ආ යුතුය. එසේම යෝගට් වලට හැඳි නොසපයන බැවින් යෝගට් මහමඟ කා කෝප්පය පාරේ දමා නොයයි.ආහාර ඇසුරුම් සියල්ල ප්‍රතිචක්‍රිකරණය කල හැකි ලෙස නිපදවා ඇති බැවින් සහ ඒවා රැගෙන යන බැවින් පරිසරයට හානියක් නැත. ෂොපින් මලු නිශ්පදෙකයන්ගේ රැකියාවට වඩා රටේ ජනතාවගේ සෞඛ්‍යය සහ යහපත් පුරුදු වැදගත්ය.ඔවනට මෙම ක්ෂේත්‍රයේ වෙනත් කාර්යන් සොයාගත හැක.මෙයද කලොත් කල හැකිවන්නේ මෙම රජයට පමණි.
කොච්චර එපා කිව්වත් ශ්‍රී පාදේ කුණු අත ඇරලා එන ලංකාවේ මිනිස්සු හදන්න වෙන්නේ දැඩි දඬුවම් වලින්...
අනුර සහෝදරයා ක්ලින්, ශ්‍රී ලංකා ගැන කතාකරන්න ඉස්සර සොයලා බලන්න ප්‍රමාණවත් තරම් කසල බඳුන් තිබෙන්නේ රටේ මොන නගරේද කියලා? කොහේවත් නැහැ, නමුත් වාසනාවට අතළොස්සක් හැරුණු විට ලංකාවේ මිනිස්සු ඉන්දියාවේ මිනිස්සු වගේ කුණු පාරේ තැන තැන විසි කරන්නේ නැහැ ... පගාවක් නොදී රස්තියාදු නොවී වැඩක් කරගන්න පුළුවන් රජයේ කාර්යාල රටේ නැහැ.. නිකන් බොරුවට කියව කියවා ඉඳලා හරියන්නේ නැහැ. ඉදිරි මාස දෙක තුළ සැලසුම් කරලා. ඉදිරි වසර දෙක තුළ රාජ්‍ය සේවය පිරිසිදු කරලා පෙන්වන්න.