(අලුත්ගම තුසිත කුමාර ද සිල්වා)
කලුතර දිස්ත්‍රික්කයේ බේරුවල කලුතර පානදුර සහ දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පානීය ජල ගැටලුවට මුහුණ දෙන ලක්ෂයකට අධික ජල පාරිභෝගිකයන්ට පානීය ජලය රජය මගින් ලබා දීමට කටයුතු කරන බව ප්‍රකාශ කරයි.
එහෙත් එම ජල ටැංකි වෙත බවුසර් මගින් පුරවන ජලය ඉතා අපිරිසිදු මඩ සහිත ජලය බව ජනතාව ප්‍රකාශ කරන අතර එම ජල ටැංකි ස්ථාපිත කර ඇත්තේත් ඉතාම අපිරිසිදු වටපිටාවක බව ජනතාව පෙන්වා දෙයි.

මෙම ඡායාරූපයෙන් පෙනෙන්නේ බේරුවල මැතිවරණ කොට්ඨාසයේ ස්ථාපිත කර ඇති ජල ටැංකියක් අපිරිසිදු වටපිටාවක තබා ඇති ආකාරයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම ඕනේ කියලා නේද දුන්නේ...? දැන් මොකද?
වනාන්තර විනාශයත් සමග ස්වභාවික ජල උල්පත් සිදී යාමට පටන්ගෙන. වර්ෂා රටාවේ වෙනස්කම් ඇති වෙලා. මෙච්චර දේවල් වෙලා තියෙද්දිත් තව තවත් ඉතුරු වෙලා තියන වනාන්තර ටිකත් කපලා දානවා. භූගත ජලය හා වැසි ජලය හැර අපි වෙනත් විකල්පයකට යන්නෙත් නෑ. රට වටේම තියෙන්නේ මුහුද. මුහුදු ආශ්රිත බොහෝ රටවල් මුහුදු වතුර පිරිපහදු කරලා තමයි බීමට සහ අනෙකුත් අවශ්‍යතාවයන්ට ගන්නේ.... හොඳම උදාහරණය මාලදිවයින. අපි තවමත් අහසින් වතුර වැටෙනකල් බලා ඉන්නවා.
ජලටැංකි වෙත බවුසර් මගින් පුරවන ජලය ඉතා අපිරිසිදු මඩ සහිත ජලය වගේම තමා වර්තමාන රාජපක්ෂ රජයේ අනෙක් වැඩ. ජල ටැංකියවත් හරිහැටි සුදුසු තැනක ස්ථාපිත කිරීමට නොහැකි මේ කණඩායමට රජයක් කරගෙන යාමට හැකිද? දැනටම රජය ඉන්නේ කොටඋඩ. පසුගිය රජය කාලෙත් මෙහෙම තිබුණා... නමුත් ඡන්ද දායකයින්ට බොන්න මඩවතුර නම් දුන්නේ නැත. අර විමල් වීරවංස කියනවා වගේ ඡන්ද දායකයින්ට මඩ වතුර බොන්න නම් ආණ්ඩුවක් තිබෙන්නේ මොකටද?
ඔය පළාතේ අය උනන්දු වුනේ නැතිනම් මොකවත් කෙරෙන්නේ නෑ. මිනිස්කම නාඳුනන නරුමයන්ගෙන් පිරි රටක්නේ අපිට තියෙන්නේ.චුටි දරුවෝ මේ වතුරද බොන්නේ. කෝප් කමිටුවට ඇවිත් උත්තර දෙන්න බැරි එවුන්නේ පරිපාලනයේ ඉන්නේ. අවාසනාවකට සේනානායකලා , වන්නිනායකලා , එම් ඩී. බණ්ඩාල, කොතලාවලලා අපේ රටට පහළ වෙන්නේ නැහැ. ඉස්සර කළුතර කියන්නේ කොපමණ සුන්දර පළාතක්ද? ළිං වලින් අපි යාලුවොත් සමග කොච්චර පිරිසිදු වතුර බීල තියනවද ?
මෙච්චර වතුර තියන රටේ මිනිස්සුන්ට බොන වතුර ටික හරියට දීගන්න බෑ...
පසුගිය රජය කාලයේත් කළුතර පානීය ජල සැපයුමට ලුණු ජලය මිශ්රවීම නැවැත්වීමට කිසිඳු විසඳුමක් නොලැබිණි. මේ රජය කිසියම් හෝ විසඳුමක් මෙයට ලබාදේවි යැයි විශ්වාසයක් තිබෙනවා. කෙසේනමුත්, ඉස්සර මිනිසුන් භාවිතා කළා සේ පොදු ලිං සංකල්පය ගෙනඒම මෙයට විසඳුමක් ලෙස සිතේ. පිරිසිදු හොඳ ජල මූලාශ්‍රයක් සහිත ගමේ සුදුසු ස්ථානයක් තෝරාගෙන ගැඹුරු විශාල ළිඳක් කපා හොඳින් නඩත්තු කරයි නම් ගමේ සියලු දෙනාට එමගින් ජලය ලබා ගත හැකිය. ජල නළ තුළින් එන ක්ලෝරීන් යෙදූ ජලය වෙනුවට පිරිසිදු ජලය ලැබීමත්, නියඟයන් සහිත කාලවලදී වඩා ප්‍රයෝජනවත් වීමත් මෙමගින් ඇති වාසියකි. ගම් මට්ටමින් මෙවැන්නක් ජනතාව එකතු වී ඇති කල හැකි නම් ඉතා යහපත්ය.