(ඩයනා උදයංගනී)
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද (05) සිට නව කාලසටහනට අනුව ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
නව වේගසීමා අනුව දිගින් දිගටම සිදුවන දුම්රිය ප්‍රමාදයන් අවම කිරීම සඳහා කැලණිවැලි මාර්ගයේ ගමන් ගන්නා දුම්රිය සඳහා නව කාලසටහනක් හඳුන්වා දීමට කටයුතු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය සඳහා නව කාල සටහන සැකසීම මේ දිනවල සිදුවන අතර, එය මෙම සතිය තුළ ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd