
(අංජුල මහික වීරරත්න)
කැලණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතයේ අනවසර පදිංචිකරුවන් වෙනත් තැනක පදිංචි කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කොළඹ තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතිය යටතේ මාළිගාවත්ත ලොකෝ මංසන්ධියේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ග රක්ෂිතය තුළ අනවසර පදිංචිකරුවන් හට නිවාස හෝ වන්දි හෝ ලබා දී ප්‍රතිස්ථාපනය කිරීම සඳහා 2024-08-05 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස සංකීර්ණ වලින් මිල දී ගත් නිවාස ඒකක 694ක පදිංචි කිරීම් මේ වන විටත් අවසන් කර ඇති අතර, තවත් නිවාස ඒකක 144 ක් නාගරික සංවර්ධන අධිකාරියෙන් ලැබීමට නියමිතව ඇත.
නාගරික සංවර්ධන අධිකාරියේ නිවාස යෝජනා ක්‍රම නොමැති මහරගම, හෝමාගම හා පාදුක්ක යන ප්‍රදේශ වල අනවසර පදිංචිකරුවන් නැවත පදිංචි කිරීම සඳහා කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩමක නිවාස ඒකක 120 ක නිවාස සංකීර්ණයක් ඉදිකරමින් පවතින අතර, එහි වැඩ කටයුතු මේ වන විට නිම වෙමින් පවතී.
ඒ අනුව, එකී නිවාස සංකීර්ණයේ පදිංචි කිරීමට නියමිත ප්‍රතිලාභින් හට ඔප්පු ලබා දීමට හැකි වන පරිදි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් කොට්ටාව මාලපල්ල හි පිහිටි ඉඩම සහ ඒ තුළ පිහිටි නිවාස සංකීර්ණය රජයේ ඉඩම් ආඥාපනතේ 6 (1) වගන්තියෙහි විධිවිධාන පරිදි නිදහස් දීමනාවක් වශයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත පවරා දීමටත්, තෝරාගනු ලබන ප්‍රතිලාභීන්ට වැය බරක් නොවන පරිදි අදාළ ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමටත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනවසරයෙන් දුම්රිය රක්ෂිතයේ පදිංචි වූ අයට දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩමෙ ඉදිකළ නිවාස දෙනවා කියන්නේ අනවසරයෙන් රජයේ ඉඩම්වල පදිංචියට දිරිගැන්වීමක් කියන්න බැරිද?
ඔය දුම්රිය මාර්ගය ඇඹිලිපිටිය දක්වා දීර්ඝ කරන්න. ඒකට තමයි අපි එන්.පී.පී එකට ඡන්දෙ දුන්නේ. ඒකනේ රටේ විශාල සංවර්ධනයක් දකින්න පුළුවන්.
කැලණිවැලි ඇඹිලිපිටිය දක්වා දීර්ඝ කරන්න. රටේ සංවර්ධනයට විශාල රුකුලක් වෙනවා.
කැළණිවැලි දුම්රිය රත්නපුරෙනුත් එහාට ගිහිං ඕපනායක දක්වා තියෙනවා. රටේ සංවර්ධනයත් එක්ක අද අවිස්සාවේල්ලෙන් එහාට පීලි ටිකවත් නැහැ. ඇඹිලිපිටියට ඕක යනකොට ටිකක් දවල් වෙයි.