(ඉන්ද්‍රරත්න බාලසූරිය)
කැලණිය 4 කණුව මන්සන්දියේ විශාල ටයර් වෙළඳසැලක් මීට ටික වේලාවකට පෙර ඇති වූ ගින්නකින් විනාශයට පත්විය.
ටයර් වෙළඳ සැලක් වූ බැවින් ගින්න විශාල ලෙස පැතිරුණු අතර කොළඹ නුවර පාරේ කොළඹ දෙසට යන මංතීරුව තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණේ ගින්නෙන් ඇතිවූ රස්නය අධික වීම හේතුවෙනි.
ගිනි නිවන හමුදාව මේ වනවිටත් ගින්න මැඩ පැවැත්වීමට උත්සහ ගනිමින් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මෝඩ හැතිකරයක් ඉන්නවා. මොනවා හරි ආපදා තත්වයක් ඇතිවුණාම වටේ පිරෙනවා එ්ක බලන්න. ආපදාව මැඩලන්න එන පිරිසට තමන්ගේ කාර්ය කරගන්නත් බෑ මේ මිනිස්සු නිසා.
ලංකාවේ බොහොමයක් ස්ථානවල ගින්නක් හටගත් විට පැතිර යා හැකි කඩදාසි, රෙදි, රබර්, ප්ලාස්ටික්, කොහු ආදී දේවල් ගබඩා කර ඇති ස්ථානවල මම හිතන විදිහට ගිනි ගැනීම් දන්වන (fire alarms) උපකරණ නැහැ. ඒ වාගේම ගිනි නිවිය හැකි උපකරණ හා මෙවැනි අවස්ථාවලට භාවිතා කළහැකි ජල ටැංකි නැහැ. ව්‍යාපාරිකයන් සිතන්නේ ඒවා අනවශ්‍ය වියදම් කියලයි. සමහර විට තිබුණත් ඒවා අක්‍රීය මට්ටමේ තිබෙන්නේ. රජය මැදිහත් වී හෝ මේ උපකරණ ස්ථාපිත කිරීම හා තිබෙන ඒවා සක්‍රීයද යන්න නියාමනය කරනවා නම් විශාල විනාශ වළක්වා ගත හැකි වේවි.