
(නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබද කොමිෂන් සභාවෙන් තොරතුරු ඉල්ලා කළ නියෝගයක් කඩ කළැයි චෝදනා ලැබ සිටි කැලණීය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නිලන්ති ඩි සිල්වා මහත්මිය සහ එම විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරී කේ. කේ. ධර්මතිලක මහතා එම චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (09) නියෝග කළේය.
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ 11 (2) වගන්ති ප්‍රකාරව අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිල මුද්‍රාව සහිතව නිසි පරිදි මෙම නඩුව පවරා නොතිබීම හේතුවෙන් තවදුරටත් නඩුව පවත්වාගෙන යා නොහැකි බවට තීරණය කළ මහේස්ත්‍රාත්වරයා විත්තිකරුවන් එම නඩුවෙන් නිදහස් කිරීමට නියෝග කළේය.
කෙසේ වෙතත්, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ පරිදි නිල නාමය යටතේ යළි නඩු පැවරීමට බාධාවක් නොවන බවද මෙහිදී මහේස්ත්‍රාත්වරයා එම කොමිසමට දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළව තොරතුරු දැනගැනීමේ කොමිසමට පැමිණීල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ කැළණීය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රශාන්ති නාරංගොඩ මහත්මිය විසිනි.
2025 දෙසැම්බර් මස 16
5
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කැලණිය උප කුලපති, ලේඛකාධිකාරී චෝදනාවලින් නිදහස්
Rohana Friday, 10 November 2023 12:05 PM
නඩුව දැම්මේ නීති උපදෙස් නැතිවද? එහෙම නැත්නම් නඩුව ෆයිල්කළ නීතිඥයා නඩුදමන නීතිරීති දන්නේ නැතිද?