
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනය පිහිටුවීම සහ තෙවැනි ධර්ම සංගායනාව පැවැත්වීම ඇතුළු ශාසන ඉතිහාසයේ වඩාත් වැඳගත් පොහොය දිනයක් වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය වන අද (10) කැලණිය රජමහ විහාරය බැතිමතුන්ගේ පිරී තිබුණි.
කැලණිය රජමහ විහාර භූමිය තුළ විශාල පිරිසක් සිල්සමාදම් වී සිටි අතර සෙසු පිරිස වතාවත්වල නිරතව සිටියහ. මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස මෙරටට වැඩම කිරීම සහ එතැන් සිට මෙරට බුදු දහම ආරම්භ වීම කැපී පෙනේ.
අනුරාධපුර මිහින්තලා පර්වතයට වැඩම කළ මිහිදු මහ රහතන් වහන්සේ මෙරටට වැඩමකර එවකට පාලනය කළ දේවානන්පියතිස්ස රජු ඇතුළු පිරිස පොසොන් පොහොය දින පංචසීලයේ පිහිටුවා චුල්ලහත්ථි පදෝපම සුත්‍රය දේශනා කළ බව ශාසනා ඉතිහාසයේ සඳහන් වේ.
බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩ හිදිමින් ප්‍රථම වරට සවණක් බුදුරැස් විහිදීම ද පොසොන් පුර පසළොස්වක පොහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්ව තිබේ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



2025 නොවැම්බර් මස 04
580
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කැලණි රජමහා විහාරය බැතිමතුන්ගෙන් පිරීයයි