
(කේ බුද්ධික කුමාරසිරි)
විදෙස් ගතව සිටින සංවිධානාත්ම අපරාධකරුවකු විසින් ගෝලයින් යොදවාගෙන කලක් තිස්සේ කැළණි ගගේ හංවැල්ල යකාබැම්ම ප්‍රදේශයේ අනවසරයෙන් වැලිගොඩ දමමින් සිටියදී වටලා වැලි ගොඩ දැමීමට යොදාගත් බෝට්ටු හයක් සිය බාරයට ගත් බව හංවැල්ල පොලිසිය පවසයි.
පොලිසිය ගඟට පැන වැටලීම සිදුකරන අවස්ථාවාදී වැලි ගොඩ දමමින් සිටි පිරිස ගඟට පැන පීනා පලා ගිය බවත් පොලිස් නිළදාරීන් සිය ජීවිත පරදුවට තබමින් අඩි තිහක් පමණ ගැඹුරු ගගේ පිහිනා ගොස් බෝට්ටු අත් අඩංගුවට ගැනීමට සමත් වූ බවද පොලිසය පවසයි.
මෙලෙස පාතාල බලය යොදා ගනිමින් අනවසරයෙන් කැළණි ගගේ යකා බැම්ම ප්‍රදේශයේ දිගින් දිගටම වැලි ගොඩ දැමීම නිසාවෙන් එම ප්‍රදේශයේ දී ගඟ විශාල ලෙස ඉවුරු ඛාදනයට ලක්ව ඇති බවත් දිගින් දිගටම ජනතාවගෙන් ලැබුණු පැමිණිලි මත මෙලෙස හදිසි වැටලීමක් සිදුකළ බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලයක් තිස්සේ වැලි ගොඩ දැම්මා නම්, මිනිස්සු දිගින් දිගටම පැමිණිලි කෙරුවා නම්, පොලීසිය දිගින් දිගටම පරක්කු කර කර හිටියේ ඇයි? නීතිය ක්‍රියාත්මක කරන්න... ඒ ප්‍රමාදයට හේතු වගේම වගකිව යුත්තන්ට ගන්න ක්‍රියාමාර්ගත් දැනගන්න ජනතාව කැමැති ඇති.
වැලි ගොඩදමන අය මුළු ගමම දන්නවා. කවුරුවත් අල්ලාගන්න බැරිවුණා කියන්නේ පට්ට බොරු. ඔවුන්ට යන්න ඇරලා. අඩුගානේ මොබයිල් එකකින් පොටෝ ටිකක්වත් ගන්න බැරිවුණාද? අර ගනිකා මඩම්වලට යවනවා වගේ වැලි ගන්නවා වගේ උපාය දූතයෙක් යවලා අල්ලාගන්න බැරිවුණාද? අපි නොදන්නා පොලීසිය...!
පොලිසියේ උන්නැහැලා ගණිකා මඩම් පරික්ෂා කරන එක නම් හොඳටම කරනවා. ඒකට නම් පොලිසියේ උන්දැලාට පුදුම දක්ෂකමක් පුදුම උනන්දුවක් තියෙන්නේ....