
(නිමල් ජයරත්න)
මඩකලපුව ඇති එකම සිංහල විද්‍යාලය වන කල්කුඩා ශ්‍රී සීලාලංකාර මහා විද්‍යාලයේ සිසුහු පිරිසක් පාසල් අධ්‍යාපන කටයුතු නිමවීමෙන් අනතුරුව, විද්‍යාලයට ස්ථිර ගුරුවරු ඉල්ලා නිහඬ විරෝධතාවයක් අද දහවල් විද්‍යාල ඉදිරිපිට සිදු කළහ.
01 වසරේ සිට 11 වසර දක්වා පන්ති පැවැත්වෙන අතර එහි සිසුන් 41 දෙනකු අධ්‍යාපනය ලබාදීමට සිටින්නේ ස්වේච්ඡා ගුරුවරු හය දෙනකු පමණක් බවද සිසුහු චෝදනා සඳහන් කළහ.
කල්කුඩා සීලාලංකාර විද්‍යාලයේ විශේෂත්වය වන්නේ දෙමළ හා සිංහල සිසුන් භාෂා දෙකෙන්ම අධ්‍යාපනය ලැබීමත්, අධ්‍යාපනය ලබාදීමට ස්වේච්ඡාවෙන් පැමිණෙන ගුරුවරයකු රුපියල් 800 ප්‍රවාහන ගාස්තුවක් දරා පැමිණි වසර දෙකකට ආසන්න කාලයක් මෙම දරුවන්ට අධ්‍යාපනය ලබාදීම බව, කල්කුඩා සීලාලංකාර විද්‍යාලයේ නිර්මාතෘ දේවගල දේවාලංකාර නාහිමියන් මාධ්‍යයට අදහස් දක්වමින් සඳහන් කළහ.
මඩකලපුව දිස්ත්‍රික්කයේ සිංහල විද්‍යාලය 17 තිබූ අතර යුද සමයෙහි එම විද්‍යාලය 17 ම ත්‍රස්තවාදි ප්‍රහාරවලින් වැනසීමෙන් අනතුරුව, කල්කුඩා සිංහල මහා විද්‍යාලයේ ආරම්භ කිරීමට තමන් වහන්සේ මුල පිරූ බවත්, ඒ අනුව 2022 නොවැම්බර් 02 වෙනිදා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අතින් විවෘත කර මඩකලපුව දිස්ත්‍රික්කයේ සිංහල හා දමිල දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ලබාදීමට කටයුතු කළ බවද නාහිමියන් සඳහන් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල්දූව හන්දියේ උද්ඝෝෂණ කරපු ටිකක් යවන්න බැරිද හරිනි
බලධාරීන්ගෙ ඇස් යොමු වේවා...මේ හාමුදුරුවෝ කරන සේවය ගොඩක් වටිනවා..මේ පාසල රුකගන්න ඕනි...දකුණෙ අය පාසිකුඩා යනකොට ඒ ළඟම තියෙන මේ පන්සල පාසලට ගිහින් ආධාරයක් කරන්න.ගොඩක්ම පින්...
මේ පාසලේ සංකල්පය ඉතා වටිනවා. හරි නම් මෙය ආරක්ෂා කළ යුතුයි.