
(අංජුල මහික වීරරත්න)
ගම්පහ දිස්ත්‍රික්කයේ බඩල්ගම ප්‍රදේශයේ ඉදිකිරීම් අරඹා අතරමග නැවතී තිබූ කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ව්‍යාපෘතියේ වැඩ කඩිනමින් අවසන් කරන බව මිල්කෝ සමාගමේ සභාපති වී.ජී.එච් ගෝඨාභය මහතා පැවසීය.
2015 ආරම්භ කර ඉදිකිරීම් 95%ක් අවසන් කළ 2019 නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට නියමිතව තිබූ මෙම කිරි ආශ්‍රිත නිෂ්පාදන කම්හල මේ වන විට අක්‍රීය තත්ත්වයේ පවතී.
රුපියල් කෝටි 1800ක් වැය කර ඉදි කර තිබෙන බව මෙම කර්මාන්ත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුව විශේෂ අවධානයක් යොමු කර එහි කටයුතු නිම කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද මිල්කෝ සමාගමේ සභාපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර වියදමකින් හදපු කිරි නිෂ්පාදනාගාරය කැලේ වෙන්න දුන්නේ... එළහරක් කවුද?
කැලෑ වැදෙමින් තිබූ කිරි කම්හලක වැඩ යළි අරඹන්න "පෙර" එම සමාගමට යන්ත්‍රෝපකරණ ගෙන්වූ රටෙන් හෝ එරට සමාගමේ engineers ගෙන්වා යන්ත්‍රෝපකරණ සහ මෙතෙක් එම යන්ත්‍රෝපකරණ සවිකර ඇති ආකාරය පිළිබඳ පුර්ණ නිරීක්ෂණයක් අධීක්ෂණයක් සහ පරීක්ෂාවට ලක්කළ යුතුවේ... ඍජු සහ වක්‍ර රැකියා ප්‍රමාණයක් බිහිකිරීමට හැකියාව තිබේ...
අන්න ඕවා තමයි කරන්න ඕනෑ. කෝටි 1800ක් කියන්නේ සුළුපටු මුදලක්ද...?