(ඉන්දිකා රාමනායක)
බස්නාහිර හා දකුණු පළාත් කේන්ද්‍ර කරගනිමින් දිගින් දිගටම සිදුකර මැනිමැරුම් වලට අදාල කුළි මිනිමරුවන්ට එරෙහිව දැඩිව පියවර ගන්නා ලෙසට මහජන ආරකෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පතිවරයා ඇතුලු සියලු උසස් පොලිස් නිලධාරීන්ට නියෝග ලබා දී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
මෙම ඝාතන මැඩලීම වෙනුවෙන් සිදුකරන මෙහෙයුම් සදහා අනිසි බලබෑම් සිදුකිරීමට කිසිවකුටත් ඉඩ නොතබන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් සහතිකයක් ලබා දී ඇති බවද අමාත්‍යවරයා උසස් නිලධාරින්ට දැනුම් දී ඇති බවද එම අමාත්‍යාංශය පවසයි.
පොලිස්පතිවරයා ප්‍රමුඛ උසස් පොලිස් නිලධාරීන් ඊයේ (21) මහජන ආරක්ෂක අමාත්‍යාංශයට කැඳවා සිදුකළ හදිසි සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ නියෝග ලබා දී ඇත.
එම සාකච්ජාව සඳහා මහජන ආරක්ෂක අමාත්යංහශයේ ලේකම් වියානි ගුණතිලකල පොලිස්පති ඩීගසීගවික්රමමරත්නල ජ්යෙපෂ්ඨ නියෝජ්යන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.සී. මැදවත්ත, විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි නියෝජ්ය පොලිස්පති වරුණ ජයසුන්දර යන මහත්වරු සහභාගී වී සිටියහ.
දකුණු පළාතේ හා බස්නාහිර පළාතේ මිනීමැරුම් හා අපරාධ වැඩිවීමට විශේෂයෙන්ම බලපා ඇත්තේ එම පළාත් දෙකෙහි සේවයකරන ඇතැම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ හා පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ අකර්ශක්ෂමතාවය බව පොලිස්පතිවරයා මෙහිදී පෙන්වා දී ඇති අතර එවැනි අකාරක්ෂම නිලධාරීන් වහාම ඉවත්කර සුදුසු නිලධාරීන් පත්කරන ලෙස ට එහිදී අමාත්‍යවරයා පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී ඇති බවද අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
බලපත්‍ර නොමැති හෝ බලපත්‍ර අලුත් නොකරන ලද සියලු ගිනි අවි පොලිසියට බාර දීමට ජුලි 31 දිනය දක්වා පොදු සමාකාලයක් ප්‍රකාශ කරන ලෙස ට එහෙදී අමාත්‍යවරයා දැනුම් දී ඇති අතර ගිනි අවි බාරදීමේ පොදු සමා කාලය අවසන් වීමත් සමඟ පොලිසිය අනෙකුත් බුද්ධි අංශ සමඟ නීති විරෝධී ගිනි අවි වැටලීම ආරම්භ කරන ලෙසට ද අමාත්‍යවරයා වැඩිදුරටත් දැනුම් දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානව හිමිකම් නමින් ඉන්න NGO ජාවාරම් කාරයින් රෙදි ඔසවාගෙන යට ඇඳුම් පෙන්වාගෙන එයි සමාජ විරෝධී පාතාලයන් රකින්න. අනුරලා පාර්ලිමේන්තුවෙත් කෑ ගහයි. පුතානෝත් ඔය මක්කා හරි දොඩවයි.ඒ කිසිවක් නොතකා මොවුන් පාලනය නොකළොත් රට විනාශ වෙලාම යාවි.
ඊයේ සිදුවූ එක සිදුවීමක් සැහෙන්න සැකයට භාජනය වෙනවා , කිහිප දෙනෙක් ඇවිල්ල හේතුවක් නැතිව ව්‍යාපාරිකයෙක් ගේ ගේට්ටුවට වෙඩි තියලගිහින් . රටේ අපරාද වැඩි වෙලා ( විශේෂයෙන් බස්නාහිර පළාතේ ) වගේ පෙන්නලා එකතරා අපකීර්තිමත් පොලිස් ලොක්කෙක් ව ඒවා මර්දනය කරන්න යොදවල අන්තිමට මිනිහ වැඩකාරයා කියල පෙන්නලා ඔහුව පොලිස්පති කරන්න ආණ්ඩුවෙන් කරන උත්සහයක් වෙන්න පුළුවන්
පොදු සමා කාලය තුල අනවසර ගිනි අවි භාවිතා කලාට කමක් නැතිද? මේවා විහිලු නොවේද? පොලිසිය ඇතුලේ කල්ලිවාද පැවතීම , පොලිස් පතිට අවනත නොවන නිලධාරීන් සිටීම වැනි දෑ නිසා පොලිස් පරිපාලනය තරමක් දුරට අවුල්වී ඇති බව පෙනෙන්නට ඇත .
පොදු සමකාලය තුල වෙඩි තිබ්බට කමක් නැද්ද දන්නේ නෑ......".බලපත්‍ර නොමැති හෝ බලපත්‍ර අලුත් නොකරන ලද සියලු ගිනි අවි පොලිසියට බාර දීමට ජුලි 31 දිනය දක්වා පොදු සමාකාලයක් ප්‍රකාශ කරන ලෙස ට....". මිනීමරුවන්ටත් බාරවෙන්න කියලා කීවානම් ඉවරයි නේ. මොනවද මේ විහිළු. ප්‍රදේශයෙන් ප්‍රදේශ ලොක්ක්දෞන් කරලා චෙක් කරන්න තියෙන්නේ. මාර්ග භාධක ශක්තිමත් කරලා තුවක්කු අරන් යන උන් අල්ලන්න පුළුවන්නේ.