IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කල් ඉකුත් වෙන්න ළඟ ඖෂධ තුනක් ලංකාවේ

(විනීතා එම් ගමගේ)

ජීව කාලය අඩු ඖෂධ වර්ග තුනක් ඉකුත් වසරේ මෙරටට ගෙන්වා ඇතැයි ආනයන අපනයන පාලක ජනරාල් දෙපාර්තමේන්තුවේ සිදුකරන ලද 2018 වසරේ විගණන වාර්තාවේ සඳහන් වේ.

එන්නත් වර්ගයක් අධික වමනය පාලනය සඳහා දෙන ඖෂධ පෙත්තක් හා ශරීරයේ එක් ස්ථානයක් පමණක්  නිර්වින්දනය කිරීම සඳහා භාවිතා වන ඖෂධයක් මේ අතර ඇත. එම නිර්වින්දන ඖෂධය බොහෝ විට  භාවිතා වන්නේ අක්ෂි සැත්කම්වල දීය.

මෙරටට ඖෂධයක් ගෙන්වීමේ දී එහි ආයු කාලය 75% ක් තිබිය යුතු නමුත් මෙකී ඖෂධ වර්ග තුන ඉතා කෙටි ජීව කාලයක් තිබියදී මෙරටට ගෙන්වා ඇති බව ද එම විගණන වාර්තාවේ සඳහන් වේ.

එම ඖෂධවල ජීව කාලය අඩු බැවින් බොහෝ විට කල් ඉකුත් වූ පසුවත් වෙළඳපොලේ තිබෙන්නට ඇතැයි සෞඛ්‍ය අංශ සැක කරයි.

මෙකී ඖෂධ ගෙන්වා තිබුණේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා පෞද්ගලික සමාගම් දෙකක් විසිනි.

මෙසේ ජීව කාලය අඩු ඖෂධ ගෙන්වන්නේ කවර වුවමනාවක් මත දැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් කළ විමසීමක දී ඔහු සඳහන් කර සිටියේ හදිසි අවශ්‍යතා සඳහා ගෙන්වීමේ දී මෙවැනි සිද්ධීන් සිදුවන බවයි.

එමෙන්ම ඖෂධ නියාමන අධිකාරියේ අවසරය මෙවැනි ඖෂධ වලට ලැබෙන බැවින් මෙසේ ජීව කාලය අඩු ඖෂධ ගෙන්වීම එම අධිකාරිය දැනුවත්ව සිදුවන බව ද හෙතෙම සඳහන් කළේය.

ජීව කාලය අඩු ඖෂධ ගෙන්වීමෙන් සිදුවන්නේ බොහෝ විට රෝගීයා අතට ඖෂධය යන අවස්ථාව වනවිට එය කල් ඉකුත් වී තිබීම යැයි ද රෝගියා ළඟ තබාගන්නා ඖෂධයක් වුවහොත් එය කල් ඉකුත් වී අතුරු ආබාධ පවා ඇති වීමට එය හේතුවනු ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

මේ තත්ත්වය යටතේ ජීව කාලය 75% කට අඩු ඖෂධ ගෙන්වීමට කිසිදු ඉඩක් ඖෂධ නියාමන අධිකාරියෙන් නොදිය යුතු යැයි ද එය අධිකාරිය විසින් අවධාරණය කළ යුතු යැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. 

          



අදහස් (8)

කල් ඉකුත් වෙන්න ළඟ ඖෂධ තුනක් ලංකාවේ

max Tuesday, 26 November 2019 09:31 AM

බේත් හේත් එක්ක හොර වැඩ කරන වංචනිකයන්ට උපරිම දඩුවම් දෙන්න.

:       0       2

Nihal B D Tuesday, 26 November 2019 09:32 AM

බෙහෙතේ නම කියන්න... අනිත් කුණුගොඩවල් ඔහෙලා බේරගන්න.

:       0       2

Ratna P Tuesday, 26 November 2019 11:38 AM

අපේ දත් දොස්තර මේකට මොනවා කියයිද දන්නේ නෑ. කොමිස් කුට්ටිය වැඩි නම් කට පියා ගෙන ඉඳියි.

:       0       2

චතුරි Tuesday, 26 November 2019 02:25 PM

කලින් හිටපු අයගේ වැඩවල ප්‍රතිඵල

:       1       112

Nimmi Tuesday, 26 November 2019 02:48 PM

පෞද්ගලික රෝහල් වලට රෝගීන් ගෙන්වා ගැනීමට රජය විසින් ගෙන්වන බෙහෙත් රෝගීන්ට නොදී බෙහෙත් හිඟයක් ඇති කරන්නේ GMOA හොර නඩයයි.

:       181       35

lalithm Wednesday, 27 November 2019 02:59 AM

ඔක්කොම කුණු බේරුවල් බොක්කට දමන එක හරිද? මේ බෙහෙත් මාෆියාව හැම ආණ්ඩු කාලෙකම තිබුනා. ආණ්ඩු මාරු වුනාට දොස්තරලා හෝ ගෙන්වන නිලධාරී මාරු වෙන්නේ නැහැ. අනික ඇමතිවරු හැම විෂයක්ම දන්නා අයද? හොඳ නීති රීති පිළිපදින්න නියම කර ඒවා කඩකරන අයට තරාතිරම නොබලා දඬුවම් කළොත් මේවා නවතිනවා. නැතිනම් ඉතින් හොරු හම්බකරන එක නවත්වන්න කොයි ආණ්ඩුව ආවත් බැහැ.

:       0       0

jayath Wednesday, 27 November 2019 03:43 AM

මේක තනිකරම මාෆියාවක්. මුළු ලෝකෙන්ම ලාබදායක ජාවාරම් වෙන්නේ ආයුධ සහ බෙහෙත්. වෙන්නේ මේකයි ආණ්ඩුවේ තියන ටෙන්ඩර් පරිපාටි, දහසක් නීති හින්ද ස්වාභාවිකවම බෙහෙතක් ගෙන්නන එක ප්‍රමාද වෙනවා. මේක දඩමීම කරගෙන "අදාළ උදවිය " අන්තිම මොහොත වෙනකම් ඉඳලා " හදිසි මිලදීම් ගැනීම් " කරනවා . එතකොට අර බෙහෙත් දෙන කොම්පැනි ළඟ තියන " ජීව කාලය "ඉකුත් වෙන්න ලන්වෙච්ච තොග පිටින් එවනවා අදාළ උදවියගේ සාක්කු වලට ගානට ගතමනාව යනවා.

:       0       1

eresh S kumara Wednesday, 27 November 2019 04:04 AM

රාජිත සම්පුර්ණයෙන් වගකිවයුතුයි.

:       35       53

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site