
(ඩයනා උදයංගනී)
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා මීගමුව කටුවාපිටියේ සිට ගාලු මුවදොර විරෝධතා භූමිය දක්වා කුරුසියක් කර තබාගෙන පා ගමනින් පැමිණෙන රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි මහතා ගාලු මුවදොර පිටියට අද (22) පැමිණියේය.
ඔහු මීට දින කිහිපයකට ඉහතදී කටුවාපිටිය දේවස්ථානයට ගොස් ආශීර්වාද ලබාගෙන සිය ගමන ආරම්භ කළේය.
ඉතා විශාල ප්‍රමාණයේ කුරුසියක් කර තබාගෙන කිලෝමීටර 40 ක පමණ දුරක් පැමිණෙන සිය සහෝදර රංගන ශිල්පියාට සහය දක්වමින් රංගන ශිල්පී කලණ ගුණසේකර මහතාද ඊයේ ගාලු මුවදොර පිටියේදී උපවාසයක් ආරම්භ කළේය.
ජෙහාන් අප්පුහාමි මහතා ගාලු මුවදොර පිටියට පැමිණි පසු උපවාසය අත් හැරි අතර ඔහුගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ පරීක්ෂණ කිහිපයක් සඳහ රෝහල් ගත කෙරිණ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන්න ඇත්තේ, පාලකයින්ට හෙණ හතම ගහන්න කියා පමණයි.
ඔබට මගේ හදපිරි ප්‍රණාමය...!
මේ තරුණයින් මේ විදිහට දුක් විඳින්නේ, මේ පාපතරයින් පන්නා දමන්නයි, එය එසේම සිදුවිය යුතුයි.. ඔබට නිරෝගි සුව ප්‍රාර්ථනා කරමි කලාකරුවාණෙනි.
රජය මහජනතාවට සවන් දිය යුතුයි.. ඉක්මණින්ම ඉවත් විය යුතුයි...!
ලංකාවේ අපේ ජනතාව ගැන ආඩම්බරයක් දැනෙනවා. එකමුතුව, ආගන්තුක සත්කාරය, වෙන රටවල නැතුව ඇති. ජෙහාන් මහතාගේ උත්සාහය ,කැපවීම පිළිබඳව අපේ ප්‍රාණාමය...!
මුදල්වලට අකැමැත්ත යොදන්න පත්කරපු අය ටිකක් ඉන්නවා වගේ.