IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


කුරුසියක් කර තබාගෙන ජෙහාන් ගාලු මුවදොරට

(ඩයනා උදයංගනී)

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා මීගමුව කටුවාපිටියේ සිට ගාලු මුවදොර විරෝධතා භූමිය දක්වා කුරුසියක් කර තබාගෙන පා ගමනින් පැමිණෙන රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි මහතා  ගාලු මුවදොර පිටියට අද (22) පැමිණියේය.

ඔහු මීට දින කිහිපයකට ඉහතදී කටුවාපිටිය දේවස්ථානයට ගොස් ආශීර්වාද ලබාගෙන සිය ගමන ආරම්භ කළේය.

ඉතා විශාල ප්‍රමාණයේ කුරුසියක් ක‍ර තබාගෙන කිලෝමීටර 40 ක පමණ දුරක් පැමිණෙන සිය සහෝදර රංගන ශිල්පියාට සහය දක්වමින් රංගන ශිල්පී කලණ ගුණසේකර මහතාද ඊයේ ගාලු මුවදොර පිටියේදී උපවාසයක් ආරම්භ කළේය.

ජෙහාන් අප්පුහාමි මහතා ගාලු මුවදොර පිටියට පැමිණි පසු උපවාසය අත් හැරි අතර ඔහුගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ පරීක්ෂණ කිහිපයක් සඳහ රෝහල් ගත කෙරිණ.

 



අදහස් (6)

කුරුසියක් කර තබාගෙන ජෙහාන් ගාලු මුවදොරට

pakeer Friday, 22 April 2022 07:58 PM

කියන්න ඇත්තේ, පාලකයින්ට හෙණ හතම ගහන්න කියා පමණයි.

:       83       75

Ajantha Saturday, 23 April 2022 06:08 AM

ඔබට මගේ හදපිරි ප්‍රණාමය...!

:       82       39

Chinthaka Saturday, 23 April 2022 09:21 AM

මේ තරුණයින් මේ විදිහට දුක් විඳින්නේ, මේ පාපතරයින් පන්නා දමන්නයි, එය එසේම සිදුවිය යුතුයි.. ඔබට නිරෝගි සුව ප්‍රාර්ථනා කරමි කලාකරුවාණෙනි.

:       94       57

Demuni Uduwara Saturday, 23 April 2022 03:30 PM

රජය මහජනතාවට සවන් දිය යුතුයි.. ඉක්මණින්ම ඉවත් විය යුතුයි...!

:       58       23

පිටරැටියා Saturday, 23 April 2022 07:15 PM

ලංකාවේ අපේ ජනතාව ගැන ආඩම්බරයක් දැනෙනවා. එකමුතුව, ආගන්තුක සත්කාරය, වෙන රටවල නැතුව ඇති. ජෙහාන් මහතාගේ උත්සාහය ,කැපවීම පිළිබඳව අපේ ප්‍රාණාමය...!

:       49       15

sharm warn Wednesday, 27 April 2022 01:48 PM

මුදල්වලට අකැමැත්ත යොදන්න පත්කරපු අය ටිකක් ඉන්නවා වගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 433 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2199 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1659 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site