(ඩයනා උදයංගනී)
කොළඹ නගරයේ කසල බැහැර කිරීම සඳහා ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් වත්තල කෙරවලපිටිය ප‍්‍රදේශයේ පවත්වාගෙන යන කසළ අංගනය වෙත කසළ බාරගැනීම අද (05) සිට නවත්වා දැමීමට තීරණය කළ බව එම සංස්ථාව පවසයි.
මේ වනවිට එයට ලබාගත හැකි කසළ ධාරිතාව ඉක්මවා තිබෙන බැවින් හා මතුව ඇති විරෝධතා හේතුවෙන් මෙම තීරණය ගත් බව ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පැවසීය.
මේ හේතුවෙන් කොළඹ මහ නගර සභාවේ කසල හෙට (06) සිට අලුවක්කාලු කසල රඳවනය වෙත හෝ වෙනත් ස්ථානයකට බැහැර කිරීමට සිදුවනු ඇතැයි ද සභාපතිවරයා කීවේය.
පසුගිය 2017 වර්ෂයේ අප්‍රේල් මස 14 වන දින සිදුවූ මීතොටමුල්ල කසළ කන්ද නායයාමෙන් පසුව කොළඹ නගරයේ ඇතිවූ හදිසි කසළ ගැටළුවට තාවකාලික පිළියමක් ලෙස වසරක කාලසීමාවකට යටත්ව අක්කර 20ක පමණ භූමියක් තුළ මෙම කසල අංගනය ආරම්භ කළ බවත් මේ වන විටත් එය වසර දෙකකට වැඩි කාලසීමාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් පුත්තලම, අරුවක්කාලූ ප‍්‍රදේශයේ ඉදිකර ඇති විද්‍යාත්මක සනීපාරක්ෂක කසළ රඳවනය වෙත කසළ බැහැර කිරීමේ හැකියාව ඇතත් ඒ සඳහාත් විවිධ බාධාවන් මතුවීම හේතුවෙන් කෙරවලපිටියේ මෙම කසල අංගනය මේ වන තෙක් පවත්වාගෙන ඒමට සිදුවූ බවද ඔහු පැවසීය.
අධික ධාරිතාවයකින් කසළ භාරගැනීම නිසා කෙරවලපිටිය ප‍්‍රදේශයේ විවිධ පාරිසරික හා සමාජයීය ගැටළු නිර්මාණය වන බවට පරිසර අධිකාරිය ඇතුළු විවිධ ආයතන මගින්ද මේ වන විට සංස්ථාව දැනුම්වත් කර ඇතැයි කී සභාපතිවරයාල විපක්ෂයේ ඇතැම් දේශපාලන නියෝජිතයන්ගේ පැමිණ සේවකයන් බියවද්දමින් සිදුකරන්නාවූ විවිධ ක‍්‍රියාකාරකම් නිසා ද කෙරවලපිටිය කසළ අංගනය තවදුරටත් පවත්වාගෙන යාමේ බාධාවන් මතුව ඇතැයි ප‍්‍රකාශ කළේය.
කෙසේ වෙතත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් ඉදිකර ඇති අලුවක්කාලු සනීපාරක්‍ෂක කසල රදවනයට දිනකට කසල මෙටි‍්‍රක් ටොන් 600ක් භාරගැනීමේ හැකියාව මේ වන විටත් පවතින බව ද හෙතෙම සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසර හානි අනංමනං හිතන්නේ නැතිව කුණුටික මුහුද අයිනේ තැනක් අල්ලං දාලා ගොඩ කරා නං ඉවරයි. නැතිව ඉතිං මෙතන කොච්චර දේවල් කීවත් ඔව්ව කන්නද? සමහරු කියලා ව්‍යාපෘති කරන්න රටට සල්ලි කොයින්ද? මුහුද ගොඩකරගෙන යන එකයි එකම විසඳුම.
රටේ තිබෙන කුණුවලට කරන්න දෙයක් නැතිව තිබියදී විදේශවලිනුත් කුණු ගෙනාවම කරන්න දෙයක් නැතිවෙනවා තමයි.
පාසල් ගිහින් නැත්තේ ඔය විරුද්ධ වෙන අයවලුන්. බොහෝ රටවල් මුහුදේ ආරක්ෂිත බැම්මක් හදලා කසල නියමාකාරයෙන් දිරාපත් වීමට ඉඩ හරිනවා. ඔය හැම කුණු කන්දකින්ම සහ සමහරවිට ඔය විරුද්ධ වෙන අයවලුත් කසල කාණු දිය පාරවල්වලට හරවනවා. අන්තිමට නවතින්නේ මුහුදේ තමා. කොළඹ ජලාපවහන කසල යන්නෙත් අපේම මහා මුහුදට තමා. හැම දෙකටම විරුද්ධ වීම සහ විසඳුම් නොදීම ලංකාවේ සමහරකුන්ගේ ගෝත්‍රික මානසිකත්වයේ ස්වභාවය.
කසළ කියන්නේ සල්ලි. කසල වලින් ප්‍රයෝජන ගන්න රටක් දියුණු වෙන්න ඕනෙම නැහැ. මේ කසල නිසි ආකාරව ප්‍රතිචක්‍රීකරණය කර රටට බොහෝ ආර්ථික වටිනා කමක් ලබා ගත හැක. නමුත් අප විසින් පත් කරන ලද දිය වන්නේවේ 225 ටම මොලයක් තිබුනත් ඔවුන්ගේ පරමාර්ථය වනුයේ රට ගොඩ ගැනීම නොව පරම්පරා ගණනාවකට මුදල උපයා තබා ගැනීමක් පමණි.
කසල ටිකවත් කළමනාකරණය කරගන්න බැරි ටිකක් ඉන්න රටක් මේක කෙරවලපිටියත් එපා. අලුව්ක්කලුත් එපා. මීපෙත් එපා. කොහෙවත් මේ කුණු දාන්න එපා. ඕකනේ මේ රටේ තියරිය.