IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කරවල මුදලාලි කට පුංචාගෙන් බේරෙයි

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

දෙවිනුවර තල්පාවිල ප්‍රදේශයේ නිවසකින් කරවල මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනොකු එම නිවස හිමි ව්‍යාපාරිකයාට ඊයේ රාත්‍රී වෙඩි තබා ඝාතනය කිරීමට දැරූ උත්සාහය  ව්‍යර්ථ වී ඇතැයි ගන්දර පොලීසිය පවසයි.

ව්‍යාපාරිකයට වෙඩි තැබීමට උත්සහා කරද්දී එහි පොතොරම දෝෂයකින් බිම වැටී ඇත.

වෙඩික්කරු එම පතොරම නැවත අහුලා ගෙන ගිනි අවිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන විට අදාල ව්‍යාපාරිකයා නිවස තුලට ගොස් දොර වසා ගැනීම නිසා ඔහු දිවි බේරා ගැනීමට සමත්ව ඇත.

යතුරු පැදියකින් සැකකරුවන් දෙදෙනා පැමීණ ඇති අතර ඔවුන් කරවල මිලදී ගැනීමට අවශ්‍ය බව පලමුව පවසා තිබේ.

ඔවුන් පිළිබඳව ඇති වු සැකය මත ව්‍යාපාරිකයා සිල්ලර මිලට කරවල ලබා නොදෙන බවත් තොග පමණක් අලෙවි කරන බවත් පවසා තිබේ.

ඉන් අනතුරුව සැකකරුවන් පිටව යාමට සූදානම් වී සගවා ගෙන සිටි ගිනි අවියෙන් වෙඩි තැබීමට උත්සාහ කර තිබෙන බවද කියති.

කෙසේ වෙතත් මෙම සිද්ධියට නිශ්චිත හේතුව හෝ පැමිණි සැකකරුවන් කවුරුන්දැයි හදුනා ගෙන නොමැත.

එම සිද්ධිය සී.සී.ටී.වී කැමරා පද්ධතියක පටිගත වී ඇති අතර ඒ ඔස්සේ සැකකරුවන් පැමිණි යතුරු පැදියේ අංක තහඩුව හදුනා ගෙන ඇත.



අදහස් (0)

කරවල මුදලාලි කට පුංචාගෙන් බේරෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site