
( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
කුඩා පක්ෂීන් රංචු ලෙස දහස් ගනනක් තම කුඹුරු වල කිරි වැදුන ගොයම වැනසිමත් සමග එය ආරක්ෂා කර ගැනිමට පවුල් පිටින් පැමිණ දවසේ වැඩි කාලයක් ගත කිරීමට සිදුව ඇති බව ආණමඩුව ආත්තිකුලම ගොවිහු පවසති.
ගොවින් පවසන්නේ මෙවර මහ කන්නයෙ වගා කල කුඹුරු වල කිරී වදිමින් ඇති ගොයම මෙසේ දහස් ගනනින් රංචු ලෙස කඩා වදින පක්ෂීන් පැය කිපයකින් වනසා දැමිම සිදුවෙන බවයි.
එසේ පක්ෂීන්ගෙන් ආරක්ෂා කර ගැනිමට අලුයම කුඹුරට පැමිණ නැවත උදේ 9 පමන වන විට නිවෙස් වෙත ගොස් ආපසු සවස තුන පමන වන විට පැමින සවස හය වන තුරු රැදි සිට නිවෙස් යාමට සිදුව මෙම ගොවිහු මහත් වේදනාවෙන් පවසති.
ගොවින් පවසන්නේ වල් අලින්ගෙන් සිදුවන හානි වලට අමතරව රිලවුන්,මොනරුන්, වල් ඌරන් ,ඉත්තෑවන් ඇතුළු වන සතුන්ගෙන් දිගින් දිගටම බැට කමින් වගා කරමින් ඇති තත්වයක් මෙසේ පක්ෂීන් දහස් ගනනක් තම කුඹරු වැනසිම බරපතල කරුණක් වී ඇති බවයි.
මෙම කුඩා පක්ෂීන්ගෙන් මේ වන විට බරපතලම ගැටළුවට මුහුණ දී ඇති ආත්තිකුලමට ගම්මානයෙ පිහිටි වී වැව,සියඹලාවැව,දේවාල වැව,ගොමවැව,තරණගහවැව යන වැව් යටතේ වගා කර ඇති අක්කර 150 ක පමන කුඹුරු යායකින් කිරි වදිමින් ඇති කුඹුරු වලට බව ගොවිහු පවසති.
ගොවින් පවසන්නේ රතිඤඤා, අහස් වෙඩි පත්තු කරමින් මෙම කුඩා පක්ෂීන් එළවා දැමිමට තමන් විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇති බවයි.
ඒ සමග කුඹුර වටා තැනින් තැන තහඩු සකස් කර ඒවාට ලී වලින් පහර දෙමින් ද මෙම පක්ෂීන් එළවා දැමිමට කටයුතු කරන බවද කියයි. එයටද අමතරව කුඩා හිස් කැන් රැගෙන ඒවා ලීයකින් පහර දෙමින් කුඹුර වටා ගමන් කිරීමටද කටයුතු කරන බව මෙම ගොවිහු පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැබෑ පරිසරවේදියකු යැයි කියාගන්නා පුද්ගලයකු මොණරුන්ගෙන් වගාවන්ට වන හානිය වළක්වා ගැනීමට නරියා ගේ ජනගහනය ඉක්මණින් වැඩිකළ යුතු බව කියා සිටියි. (මොණරු නිසා උණුසුම් වූ ''හිරු බලය" - "අපි ඉක්මණට නරි ගහණය වැඩි කරන්න ඕනෑ" - Hiru News) මොවුන් සැබෑ පරිසරවේදීන්ද කියා සැකසහිතයි. පරිසර වේදීන් කිසිදිනෙක පරිසරය ආරක්ෂා කිරීමට සතුන් මැරීම අනුමත කරන්නේ නැත. පරිසර වේදියකු නම් ඔහු සතුන් නොමරා විසඳුමක් ඉදිරිපත් කළයුතු වේ. ඕනෑම කෙනෙකුට සතුන් මැරීම සිදුකළ හැකියි. ඒ සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කළ හැකිය. සැබෑ පරිසර වේදියකු කියාගන්නා පුද්ගලයකු මොණරුන්ගෙන් වගාවන්ට වන හානිය වළක්වා ගැනීමට නරියගේ ජනගහනය වැඩිකළහොත් ගොවීන්ගේ නිවෙස්වල සිටිනා එළුවන් කුකුලන් තාරාවුන් සහ වෙනත් සතුන් සියල්ලද නරියන් විසින් ආහාරයට ගනු ඇත. එම නිසා මෙවැනි විසඳුම් ඉදිරිපත් කිරීමට පෙර සහ මෙවැනි සැබෑ පරිසර වේදියකු කියාගන්නා පුද්ගලයකු මෙන් පෙනී සිටිනා පුද්ගලයින්ගෙන් උපදෙස් ගැනීමෙන් සිදුවන්නේ හානියක් මිස විසඳුමක් නොවේ. මොණරුන්ගෙන් වගාවන්ට වන හානිය වළක්වා ගැනීමට නරියාගේ ජනගහණය වැඩිකිරීම සහ මොනරුන් මැරීම වෙනුවට සැමට පිළිගත හැකි එකඟවිය හැකි විසඳුම් ඇත.
මම හිතන්නේ ඔය එන්නේ වී කුරුල්ලෝ නැත්නම් සමහර ප්‍රදේශවල ගොයම් කුරුල්ලෝ කියන පක්ෂි විශේෂය වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අතීත ගොවීන් වගා කටයුතු ආරම්භ කරනාවිට (දැන් විහිළුවට ගෙන තිබෙන) ජ්‍යෝතිෂයේ දැක්වෙන කරණ කියන සිද්ධාන්තය උපයෝගී කරගෙන තියෙනවා. ඒ අනුව පුර පක්ෂයේ 4 හා 11 වැනි තිථිද අව පක්ෂයේ 3 වැනි හා 10 වැනි තිථියත් සකුණ නැත්නම් කුරුලු කරණය ලෙසට සලකා ඒ දිනවල කුරුල්ලන්ට හානි කළ හැකි වගාවන්ගෙන් වැලකුණා.. එයින් ගොවිතැන් ආරක්ෂා වුණා අල බතල සිටුවීමේදී ඌරු කරණය මගහැර කටයුතු කළා... තවත් එකක් තමයි යායේම එක් කාලයක සමාන වයසේ වී වර්ග වගාකිරීම... උදාහරණයක් හැටියට කෙනෙක් අඩුවයසේ වී වගා කළොත් ඒවා කලින් පූදිනවා. ඒවාට කුරුල්ලන් හානි කරනවා. වැඩි වයසේ වී වගා කළොත් ඒවාටත් හානි කරනවා. ඒ අනුව ගොවීන්ගේ අසමගියත් වගා හානියට හේතුවෙන්න පුළුවන් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා...
රටේ අගමැතිණිය කියලා තිබුණු කෙල්ලො වුණහම රස්තියාදු ගහන්න පුරුදුවෙන්න ඕනෑ කියලා.. ඒ කෙල්ලෝ ටික මේ අහිංසක මිනිසුන්ගේ කුඹුරුවල කුරුල්ලෝ එළවන්න යොදා ගන්න.