IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


කුරුල්ලන් නිසා ආත්තිකුලම ගොවීහු පීඩාවට

( හිරාන් ප්‍රියංකර ජයසිංහ )

කුඩා පක්ෂීන් රංචු ලෙස දහස් ගනනක් තම කුඹුරු වල කිරි වැදුන ගොයම වැනසිමත් සමග එය ආරක්ෂා කර ගැනිමට පවුල් පිටින් පැමිණ දවසේ වැඩි කාලයක් ගත කිරීමට සිදුව ඇති බව ආණමඩුව ආත්තිකුලම ගොවිහු පවසති.

ගොවින් පවසන්නේ මෙවර මහ කන්නයෙ වගා කල කුඹුරු වල කිරී වදිමින් ඇති ගොයම මෙසේ දහස් ගනනින් රංචු ලෙස කඩා වදින පක්ෂීන් පැය කිපයකින් වනසා දැමිම සිදුවෙන බවයි.

එසේ පක්ෂීන්ගෙන් ආරක්ෂා කර ගැනිමට අලුයම කුඹුරට පැමිණ නැවත උදේ 9 පමන වන විට නිවෙස් වෙත ගොස් ආපසු සවස තුන පමන වන විට පැමින සවස හය වන තුරු රැදි සිට නිවෙස් යාමට සිදුව මෙම ගොවිහු මහත් වේදනාවෙන් පවසති.

ගොවින් පවසන්නේ වල් අලින්ගෙන් සිදුවන හානි වලට අමතරව රිලවුන්,මොනරුන්, වල් ඌරන් ,ඉත්තෑවන් ඇතුළු වන සතුන්ගෙන් දිගින් දිගටම බැට කමින් වගා කරමින් ඇති තත්වයක් මෙසේ පක්ෂීන් දහස් ගනනක් තම කුඹරු වැනසිම බරපතල කරුණක් වී ඇති බවයි.

මෙම කුඩා පක්ෂීන්ගෙන් මේ වන විට බරපතලම ගැටළුවට මුහුණ දී ඇති ආත්තිකුලමට ගම්මානයෙ පිහිටි වී වැව,සියඹලාවැව,දේවාල වැව,ගොමවැව,තරණගහවැව යන වැව් යටතේ වගා කර ඇති අක්කර 150 ක පමන කුඹුරු යායකින් කිරි වදිමින් ඇති කුඹුරු වලට බව ගොවිහු පවසති.

ගොවින් පවසන්නේ රතිඤඤා, අහස් වෙඩි පත්තු කරමින් මෙම කුඩා පක්ෂීන් එළවා දැමිමට තමන් විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇති බවයි.

ඒ සමග කුඹුර වටා තැනින් තැන තහඩු සකස් කර ඒවාට ලී වලින් පහර දෙමින් ද මෙම පක්ෂීන් එළවා දැමිමට කටයුතු කරන බවද කියයි. එයටද අමතරව කුඩා හිස් කැන් රැගෙන ඒවා ලීයකින් පහර දෙමින් කුඹුර වටා ගමන් කිරීමටද කටයුතු කරන බව මෙම ගොවිහු පවසති.



අදහස් (3)

කුරුල්ලන් නිසා ආත්තිකුලම ගොවීහු පීඩාවට

sam Friday, 20 December 2024 02:39 AM

සැබෑ පරිසරවේදියකු යැයි කියාගන්නා පුද්ගලයකු මොණරුන්ගෙන් වගාවන්ට වන හානිය වළක්වා ගැනීමට නරියා ගේ ජනගහනය ඉක්මණින් වැඩිකළ යුතු බව කියා සිටියි. (මොණරු නිසා උණුසුම් වූ ''හිරු බලය" - "අපි ඉක්මණට නරි ගහණය වැඩි කරන්න ඕනෑ" - Hiru News) මොවුන් සැබෑ පරිසරවේදීන්ද කියා සැකසහිතයි. පරිසර වේදීන් කිසිදිනෙක පරිසරය ආරක්ෂා කිරීමට සතුන් මැරීම අනුමත කරන්නේ නැත. පරිසර වේදියකු නම් ඔහු සතුන් නොමරා විසඳුමක් ඉදිරිපත් කළයුතු වේ. ඕනෑම කෙනෙකුට සතුන් මැරීම සිදුකළ හැකියි. ඒ සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කළ හැකිය. සැබෑ පරිසර වේදියකු කියාගන්නා පුද්ගලයකු මොණරුන්ගෙන් වගාවන්ට වන හානිය වළක්වා ගැනීමට නරියගේ ජනගහනය වැඩිකළහොත් ගොවීන්ගේ නිවෙස්වල සිටිනා එළුවන් කුකුලන් තාරාවුන් සහ වෙනත් සතුන් සියල්ලද නරියන් විසින් ආහාරයට ගනු ඇත. එම නිසා මෙවැනි විසඳුම් ඉදිරිපත් කිරීමට පෙර සහ මෙවැනි සැබෑ පරිසර වේදියකු කියාගන්නා පුද්ගලයකු මෙන් පෙනී සිටිනා පුද්ගලයින්ගෙන් උපදෙස් ගැනීමෙන් සිදුවන්නේ හානියක් මිස විසඳුමක් නොවේ. මොණරුන්ගෙන් වගාවන්ට වන හානිය වළක්වා ගැනීමට නරියාගේ ජනගහණය වැඩිකිරීම සහ මොනරුන් මැරීම වෙනුවට සැමට පිළිගත හැකි එකඟවිය හැකි විසඳුම් ඇත.

:       0       0

Chaminda Friday, 20 December 2024 05:41 AM

මම හිතන්නේ ඔය එන්නේ වී කුරුල්ලෝ නැත්නම් සමහර ප්‍රදේශවල ගොයම් කුරුල්ලෝ කියන පක්ෂි විශේෂය වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අතීත ගොවීන් වගා කටයුතු ආරම්භ කරනාවිට (දැන් විහිළුවට ගෙන තිබෙන) ජ්‍යෝතිෂයේ දැක්වෙන කරණ කියන සිද්ධාන්තය උපයෝගී කරගෙන තියෙනවා. ඒ අනුව පුර පක්ෂයේ 4 හා 11 වැනි තිථිද අව පක්ෂයේ 3 වැනි හා 10 වැනි තිථියත් සකුණ නැත්නම් කුරුලු කරණය ලෙසට සලකා ඒ දිනවල කුරුල්ලන්ට හානි කළ හැකි වගාවන්ගෙන් වැලකුණා.. එයින් ගොවිතැන් ආරක්ෂා වුණා අල බතල සිටුවීමේදී ඌරු කරණය මගහැර කටයුතු කළා... තවත් එකක් තමයි යායේම එක් කාලයක සමාන වයසේ වී වර්ග වගාකිරීම... උදාහරණයක් හැටියට කෙනෙක් අඩුවයසේ වී වගා කළොත් ඒවා කලින් පූදිනවා. ඒවාට කුරුල්ලන් හානි කරනවා. වැඩි වයසේ වී වගා කළොත් ඒවාටත් හානි කරනවා. ඒ අනුව ගොවීන්ගේ අසමගියත් වගා හානියට හේතුවෙන්න පුළුවන් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා...

:       0       0

pj Friday, 20 December 2024 08:52 AM

රටේ අගමැතිණිය කියලා තිබුණු කෙල්ලො වුණහම රස්තියාදු ගහන්න පුරුදුවෙන්න ඕනෑ කියලා.. ඒ කෙල්ලෝ ටික මේ අහිංසක මිනිසුන්ගේ කුඹුරුවල කුරුල්ලෝ එළවන්න යොදා ගන්න.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කළුතර හොරණ පාර නාගස් හන්දියෙන් වහයි
2025 මැයි මස 05 8 0

කළුතර ඡන්ද පෙට්ටි බෙදා හැරීමේ මධ්‍යස්ථානය පිහිටී තිස්ස ජාතික පාසලේ ඇතිව තිබෙන තදබදය හේතුවෙන් කළුතර හොරණ මාර්ගය නාගස් හන්දිය ගාලු පාරෙන් වසා දැමීමට ක


රේගු වංචා කරන පුද්ගලයන්ගේ අනන්‍යතාවය ප්‍රසිද්ධ කරයි
2025 මැයි මස 05 285 0

රේගු වංචා අවම කර බදු නිවැරදිව අය කරගැනීමට සහ රේගුව කරගෙන යන නවතම ක්‍රියාමාර්ගවල පියවරක් වශයෙන් රේගු නීති උල්ලංඝනය කර බදු වංචා කරන ආයතන හා පුද්ගලයන්ගේ


විදෙස් චිත්‍රපටවලට ට්‍රම්ප්ගෙන් බදු
2025 මැයි මස 05 350 1

විදෙස් චිත්‍රපට, හොලිවුඩ් චිත්‍රපටවලට අභියෝගයක් වී ඇති බැවින්, සහ හොලිවුඩ් සිනමා කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බැවින්, විදෙස් චිත්‍රපට සඳහා සියයට 100


කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථාන නිලධාරීන් අපහසුතාවයට
2025 මැයි මස 05 976 0

කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථානය පිහිටී කළුතර තිස්ස ජාතික පාසලේ ප්‍රමාණවත් පරිදි කූඩාරම් ඉදිකර නොතිබීම සහ අසුන් පනවා නොතිබීම හේතුවෙන් පැමි


මාදිවෙල බංගලා සැප මදි : හදන්න සල්ලිත් මදි
2025 මැයි මස 05 1061 3

මාදිවෙල මන්ත්‍රී බංගලා රැසක් අබලන්වීමෙන් මන්ත්‍රීවරුන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


කතානායක බංගලාවේ වියදම් භාගයක්ම කපයි
2025 මැයි මස 05 897 3

කතානායක නිල නිවසේ ආහාර පාන ඇතුළු වියදම් සියයට පනහකින් පමණ කපා දමා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 686 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 176 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1207 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site