(පැතුම් දර්ශන)

හොරොව්පොතාන කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා රක්ෂිතයට මායිම්ව පිහිටි අක්කර දහයකට කට ආසන්න රක්ෂිතයේ යාන්ත්‍රික කියත් උපයෝගි කර ගනිමින් කිසියම් පිරිසක් විනාශ කර දමා ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

ප්‍රදේශය බාර වන සංරක්ෂණ නිලධාරීන්ගේ ද සහයෝගය ඇතිව මහ දවල් දෙනෝදාහක් බලා සිටියදී කපා විනාශ කර දමා ඇතැයි පැවසෙන මෙම රක්ෂිතය සම්බන්ධයෙන් කිසිවකුගේ අවධානය යොමු නොවීම බරපතළ ගැටලුවක් බව ද ප්‍රදේශවාසීහු වැඩිදුරටත් පවසති.

හොරොව්පොතාන මැදවච්චිය මාර්ගයේ හොරොව්පොතාන නගරයේ සිට කිලෝමීටර් හය හමාරක් පමණ ගිය විට කිරළාලගල ඉපැරණි පුරාවිද්‍යා රක්ෂිතය හමුවේ.

ක්‍රිස්තු පූර්ව පස්වන සියවසේ පමණ සිට පැවත එන පුරාවිද්‍යා වටිනාකමින් යුත් කුට්ටම් පොකුණට පමණක් දෙවැනි යැයි පැවසෙන ජල පොකුණක් සහ ආරාම, චෛත්‍යය නටබුන් රාශියක් මෙම පුරාවිද්‍යා භූමිය පුරා පැතිරී තිබේ.

මෙම වන විනාශය සිදු කොට ඇත්තේ එවැනි වටිනා කමකින් යුත් ඉපැරණි පුරාවිද්‍යා රක්ෂිතයට මායිම්ව වීම විශේෂත්වයකි.