(යොහාන් භාසුර)

ජාතික ගමනාගමන කොමිෂන් සභාව ක්‍රියාත්මක කරන කාර්යාලයීය බස් රථ සේවය බත්තරමුල්ල සහ මාකුඹුර යන ප්‍රදේශවල ද ක්‍රියාත්මක කරන බවත් කොළඹ සෙසු ප්‍රදේශවල කාර්යාල සේවකයන් සඳහා ද එම සේවය අවශ්‍ය නම් ඉල්ලීම් කළ හැකි බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂි වෙල්ගම මහතා ‘ලංකාදීප’යට පැවසීය.

කොළඹ සහ අවට කාර්යාල වැඩි වශයෙන් පවතින ප්‍රදේශවල එම බස් සේවාව තව දුරටත් ව්‍යාප්ත කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අදහස් කර ඇති බව කී ශෂි වෙල්ගම මහතා ඒ සඳහා ප්‍රමුඛතාව හදුනාගනිමින් සිටින බව ද සඳහන් කළේය.