
හමුදා නීතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් ජනතාවගෙන් සමාව ඉල්ලා ඇත.
දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් හිටිහැටියේ හමුදා නීතිය පැනවීම කළේ පසුගිය 10 වැනිදාය. එය ඔහුගේ පාලක පක්ෂයේ මන්ත්‍රීවර්‍රන්ගේත් විපක්ෂ මන්ත්‍රීවරුන්ගේත් රටේ ජනතාවගේත් දැඩි විරෝධයට හේතුවිය.
පාලක පක්ෂයෙත් විපක්ෂයේත් මන්ත්‍රීවරු හමුදා සහ පොලිස් බාධක මැද පාර්ලිමේන්තුවට බලෙන් ඇතුළු වී, ජනාධිපතිරයාගේ නියෝගය බල රහිත කළහ.
මේ වනවිට වහා ජනාධිපති ධුරයෙන් ඉවත් වන්නැයි යූන්ට පාලක පක්ෂයෙන් ද විරෝධයක් එල්ල වෙයි. සමාව ඉල්ලීම පමණක් නොව, ධුරයෙන් ද වහා ඉවත් වීම කළ යුතු යැයි මේ වනවිට ඔහුට බලපෑම් එල්ල වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිනට ජනාධිපති වුණු ජොලි සීයා, පහුගිය කාලෙදී ආරක්ෂක හමුදා ලවා ජනතාවට පහරදීම් වලට ජනතාවගෙන් සමාව ගත යුතුයි.