IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


කොරියා භාෂා පරීක්ෂණයෙන් 1398ක් සමත් වෙති

(අංජුල මහික වීරරත්න)

2022 වර්ෂයට අදාළව පැවති කොරියා භාෂා විශේෂ පරීක්ෂණයෙන් අයදුම්කරුවන් 1398 දෙනකු සමත් වී ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 

දකුණු කොරියාවේ රැකියා සඳහා ගොස් සාර්ථකව රැකියාව කර යළි පැමිණි ශ්‍රි ලාංකිකයින් සඳහා මෙම විභාගය පැවැත්වෙන අතර, ඒ අනුව අයදුම්කරුවන් 1652 දෙනකු මෙම විභාගය සඳහා ඉදිරිපත් වී තිබේ.

විභාගය සමත් අයදුම්කරුවන් සඳහා සම්මුඛ පරීක්ෂණ නොවැම්බර් මස 09, 10, 11, 12 හා 14 යන දිනයන්හීදි පැවැත්වීමට නියමිත අතර, අයදුම්කරුවන් හට තමන් පදිංචි ස්ථානයට ආසන්නයේම ඇති කාර්යාංශයේ ශාඛා කාර්යාලයකට පැමිණ සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිටිය හැකිය.

මෙම අයදුම්කරුවන් සඳහා වෛද්‍ය පරික්ෂණ නොවැම්බර් මස 03 දින සිට පැවැත්වෙන අතර, සම්මුඛ පරීක්ෂණ, වෛද්‍ය පරීක්ෂණ පැවැත්වෙන දිනයන් හා  පොලිස් වාර්තා ලබාගැනීම සම්බන්ධයෙන් www.slbfe.lk යන කාර්යාංශ නිල වෙබ් අඩවියට පිවිස තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය ඉල්ලා සිටියි.

2022 වර්ෂයේ ජනවාරි සිට ඔක්තෝම්බර් මස 31 වන දින දක්වා ශ්‍රි ලාංකිකයින් 4329 දෙනකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ. 



අදහස් (0)

කොරියා භාෂා පරීක්ෂණයෙන් 1398ක් සමත් වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 50 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 212 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 551 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site