
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවේ දකුණු කොරියා තානාපතිනි මියන් ලී (Miyon Lee) මහත්මිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී සිදුවිය.
මෙම හමුවේදී කථානායකවරයා ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය අගය කළ අතර, ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී මෙන්ම රටේ සංවර්ධන කටයුතු සඳහා කොරියාව අඛණ්ඩව දෙන සහයෝගය පිළිබඳ සිය කෘතඥතාව පළ කළේය.
එමෙන්ම කොරියාවේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා පවතින රැකියා අවස්ථා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් සපයන බව ද කථානායකවරයා අවධාරණය කළේය.
තවද, දූෂණය තුරන් කිරීම, විනිවිදභාවය හා යහපාලනය ශක්තිමත් කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව කථානායකවරයා තානාපතිනිය දැනුවත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd