
(උපාලි රණවීර)
අත්තනගල්ල වෙළගෙදර ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එහි නිවැසියන්ට අතින් පයින් ආයුදවලින් පහරදී එක් අවිවාහකයකු ඝාතනය කර තවත් තිදෙනකුට බරපතල තුවාල සිදු කිරීමේ චෝදනාවට වරදකරුවන් කළ මව, පියා, දරුවන් දෙදෙනකුට සහ තවත් අයකුට ගම්පහ පූර්වගාමී විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා අද මරණ දඬුවම නියම කළේය.
මෙසේ දඬුවම් නියම වූයේ සුමින්ද මංජුල, වජිර ඉන්දික, ඩබ්ලිව්.ඒ.සිරිසේන, ජන කාන්ති සහ ඩබ්ලිව් ලලිත් ප්‍රියන්ත කුමාර යන පස් දෙනෙකි.
2001 වසරේ ඔක්තෝම්බර් මස 31 හෝ ඊට ආසන්න දිනයකදී නිට්ටඹුව පොලිස් බල ප්‍රදේශයේ දියකාවිට වෙළගෙදර ප්‍රදේශයේදී රාත්‍රී කාලයේදී නිවසකට කඩා වැදී ගල් ගසා පොලුවලින් පහර දී කඩුවලින් කොටා එච්. නිහාල් කුමාර නැමැති අවිවාහකයකු ඝාතනය කිරීම හා නිවසේ සිටි තවත් තිදෙනකුට බරපතල තුවාල සිදු කිරීම යන චෝදනා මත වෙළගෙදර ප්‍රදේශයේ පියා මව හා පුතණුවන් දෙදෙනා තවත් අයෙකුට මෙලෙස මරණ දඬුවම නියම කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුව ඉවර වෙන්න වසර 25 ක් ගිහින්
තවත් පවුලක් එනවා අසල්වාසිකමට. ගහ මරා ගන්නැතුව සමාදානෙන් ඉන්න.
දැන් ඉතින් තවත් පවුලක් නඩත්තු කරපල්ලකෝ.
මරණ දඩුවම එවෙලේම ක්‍රියාත්මක කරනවා නම් තමයි හොද... මනුෂ්‍ය ඝාතන කරලා මදිවට මැරෙනකන් මේ අයට කන්න බොන්න දීලා නඩත්තු කරන්න එපෑයෑ.. අපරාදෙ මහජන මුදල් නාස්ති කරනවා.
ආදර්ශමත් දෙමාපිය යුවලක්…!