
(ටී.කේ.ජී.කපිල)
දකුණු කොරියාවේ ඉන්චියොන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීම නිසා පැය දෙකක පමණ ගුවන් ගමනකින් පසුව යළිත් කටුනායක ගුවන් තොටුපොළ ගොඩ බැස්සවීමට කටයුතු කළ බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
කටුනායක ගුවන් තොටුපොළෙන් දකුණු කොරියාවේ ඉන්චියොන් ගුවන් තොටුපොළ බලා අද රාත්‍රී 06.20 ට පිටත්ව ගොස් තිබේ .
ශ්‍රී ලන්කන් ගුවන් සේවය අයත් එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් එම තත්වයට මුහුණ දී තිබූ අතර එහි ගුවන් මගීන් 144 දෙනකු සහ ගුවන් නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය 15 දෙනකු ද ගමන් කර තිබුණි .
ශ්‍රී ලංකා ගුවන් සීමාව පසු කිරීමට ආසන්නයෙන් ගමන් කරමින් තිබූ මෙම ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වී ඇත. පසුව ආපසු හරවා යළිත් රාත්‍රී 08.10 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්සවා තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරු දෑතට දෙවි පිහිටයි
අලුතින් ගත් ගුවන් යානා පකිස්තානයට බදු දුන්නේ කවුද? බදු මුදල් ලැබුනාද