IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


කර්මාන්තපුර වල ඉඩම් ආයෝජකයන්ට බද්දට දෙයි

(අංජුල මහික වීරරත්න)

නව කර්මාන්ත ස්ථාපිත කිරීම සඳහා ආයෝජකයින් වෙත ප්‍රාදේශීය කර්මාන්ත පුර වලින් ඉඩම් කොටස් ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

1990 අංක 46 දරන කර්‌මාන්ත ප්‍රවර්ධන පනතේ විධි විධාන ප්‍රකාරව පිහිටුවා ඇති " ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටුව " මඟින් සහ අමාත්‍යාංශ ලේකම් විසින් පත් කර ඇති "අමාත්‍යාංශ ව්‍යාපෘති ඇගයීම් කමිටුව" මඟින් කර්‌මාන්ත පුරවල ආයෝජනය කිරීම සඳහා ආයෝජකයින් තෝරා ගැනීම සිදු කරනු ලබයි.

 ඒ අනුව, ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටු විසින් නිර්දේශ කරනු ලැබ ඇති ව්‍යාපෘති යෝජනා 42 ක් අතරින් ආයෝජන ව්‍යාපෘති 38 ක් සඳහා ඉඩම් කොටස් වෙන් කිරීමට අමාත්‍යාංශ ව්‍යාපෘති ඇගයීම් කමිටුව විසින් ද නිර්දේශ කර තිබේ. 

එකී ආයෝජකයින් 38 දෙනා විසින් සිදු කරනු ලැබීමට නියමිත සමස්ත ආයෝජන වටිනාකම රුපියල් මිලියන 2,548.22 ක් වන අතර, එම කර්මාන්ත ව්‍යාපෘති හරහා සෘජු රැකියා අවස්ථා 1,559 ක් පමණ ජනනය කිරීමට ද අපේක්ෂිතය. 

ඒ අනුව, එකී ආයෝජකයින් වෙත වසර 35 ක උපරිම කාලයකට බදු පදනම මත අදාළ කර්මාන්ත පුරවලින් ඉඩම් කොටස් ලබා දීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

කර්මාන්තපුර වල ඉඩම් ආයෝජකයන්ට බද්දට දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1933 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1535 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 536 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site