(අංජුල මහික වීරරත්න)
ඉදිරි අයවැයේදී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සඳහා බැංකු ණය සහන ලබාදීමට අදහස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ අපනයන ඉලක්ක කරගත් නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවද ජනාධිපතිවරයා කීය.
පසුගිය වසරේ ඇතිවූ ආර්ථික අර්බුදය වැනි තත්ත්වයකට යළිත් රට ඇද වැටීම වැලැක්වීම තමාගේ වගකීම බව කී ජනාධිපතිවරයා අභියෝග මධ්‍යයේ වුවද රට වෙනුවෙන් ගෙන ඇති කාලෝචිත තීරණ ඵලදායී ලෙස ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.
නෙලුම් පොකුණ රඟහලේ පැවති ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දෙ තියන්නෙ නැතුව අදිකරනය අපහාස කරපු පින් ජනපති. ඔය බයිල නවත්තල චන්දෙ තියපන්.