(ජේ.කේ.එල් චාමින්ද)
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා බවට සැකකරන රෝගින් සඳහා ස්ථාපිත කරණු ලැබු විශේෂිත වාට්ටුවේ අද (31) වනවිට කිසිදු රෝගියකු ප්‍රථිකාර නොලබන බව රොහල් ප්‍රකාශකයකු සඳහන් කළේය.
ඊයේ (03) දින මෙකි විශේෂිත වාට්ටුවේ රුමෙනියානු ජාතිකයකු ඇතුළු රොගින් 03 දෙනෙකු ප්‍රථිකාර ලබමින් සිටි අතර ඔවුන්ද වෛද්‍ය පර්යේෂණවලට ලක්කිරිමෙන් පසු කොරෝනා ආසාදනය වි නොමැති බවට තහවුරුවිමෙන් පසු රෝහලින් නිදහස් කළ බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේය.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෙකි විශේෂිත වාට්ටුව ස්ථාපිත කරණු ලැබු දින සිට මේ දක්වා කාලය තුලදි රෝගින් 154 දෙනෙකු අතුලත්ව සිට තිබේ.
ඒ අය අතර ශ්‍රි ලාංකිකයින් 137 දෙනෙකු හා විදේශිකයින් 17 දෙනෙකු ඇතුලත්ව සිට ඇත. මේ අය අතුරින් කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇත්තේ එක් රොගියකුට පමණක් බවද රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු දෙයක්. ඒකටත් එක්ක මාරවිල රෝහල ? දුරකථනය වැඩ කරන්නේ නැහැ දවස් 5 ක් වෙනවා. ඉතින් කොහොමද ලෙඩාගේ තොරතුරු දෙන්නේ ?