
කිරිපිටි ආනයනකරුවන් ආනයනික කිරිපිටි සඳහා මිල වැඩිවීමක් නිවේදනය කර තිබේ.
ඒ අනුව ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100.00 කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තහවුරු කළේය.
මේ පිළිබඳව අදහස් දක්වමින් සංගම් නියෝජිතයින් පැවසුවේ පසුගිය මාස හය තුළ ජාත්‍යන්තර කිරිපිටි වෙළඳපොලේ සිදු වූ මිල ඉහළ යාම්වලට ප්‍රතිචාර වශයෙන් මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව ග්‍රෑම් 400 පැකට්ටුවක නව මිල රුපියල් 1200.00 ක් වන අතර කිලෝග්‍රෑම් 1 පැකට්ටුවක මිල රුපියල් 250.00 කින් ඉහළ ගොස් ඇත.
ඉදිරියේදී ගෝලීය කිරිපිටි මිලෙහි අඩුවීමක් සිදුවුවහොත් එම වාසිය පාරිභෝගිකයින් වෙත ලබා දෙන බවට ද ඔවුන් සහතික විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රම්ප්ගේ 30% තීරු බදු නිසා අනුර අවදි වන විට කිරිපිටි මිල ඉහළ යයි. ප්‍රශ්නය වන්නේ දේශීය කිරිපිටි එම මිලටම වැඩි වන ආකාරයයි. එළදෙනුන් ආනයනික තණකොළ කනවාද නැත්නම් අපේ සේවකයාට ඩොලර් වලින් වැටුප ලැබෙනවාද?
මම හිතන්නේ නවසීලන්තයට පැනවු ඇමරිකාවේ බදු ප්‍රතිශතයට හරි යන්න ලංකාවේ ආනයනයකරුවන් අපෙන් ඇමරිකාවේ බදු අය කරනවා වගේ. ලස්සනයි ලස්සනයි.
කිරිපිටි ආනයන කරුවන් කියන අන්දමට ඉදිරියෙදී කිරිපිටි මිල අඩු උනොත්, කිරි පැකට් එකේ මිලත්, කිරි තේ කෝප්පයේ මිලත් අඩු වෙන්න පුළුවන්ලු! ඉදිරියෙදී වැස්සියෝ වැඩියෙන් කිරි දෙනවා කියලා, අපිව අන්දන්න මේ ගොන්නු හදන්නේ?
කිරි පිටි වලට එහා ලෝකයක් තියෙනවා......