ඉන්දිකා රාමනායක
ව්‍යාපාරිකයන් ඇතුලු පුද්ගලයන් රටවා රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ බව චෝදනා එල්ල වී සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තියට එරෙහිව රුපියල් කෝටි 75 ක වංචාවක් සම්බන්ධයෙන් තවත් පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
කොළඹ කුරුදුවත්ත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මේ අනුව මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකාරියට එරෙහිව පැමිණිලි 11 ක් අද දිනය වනවිට ලැබී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
තිළිණි ප්‍රියමාලි නමැත්තිය ලෝක වෙළද මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය ව්‍යාපාරික ස්ථානයේ සේවක සේවිකාවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම ආරම්භ කළ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මෙම ව්‍යාපාරික ස්ථානයේ මාධ්‍ය විශේෂඥයන් වශයෙන් කටයුතු කළ ජනප්‍රිය නිවේදිකා සුරංගි කොඩිතුවක්කු හා ධනංජය නානායක්කාර යන දෙදෙනා අද ් පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගෙත් බවද පොලිස් ආරංචි මර්ග පවසයි.
ඉදිරි දිනවල දී තවත් සේවක සේවිකාවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇත.
මේ අතර එම කාර්යාලයේ තිබු සැකකාරියට අයත් සේප්පුවක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂාවට ලක් කළ ද එහි මුදල් කිහිවක් නොතිඹු බවද එම ආරංචි මාර්ග පවසයි. ඇගේ දුරතකනය දත්ත හා විද්්‍යුත් තැපෑල ඔස්සේ ලැබුණු හා යැවු පණිවිඩ සම්බන්ධයෙන් ද මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.
මෙම සැකකාරිය ඇතැම් පුද්ගලයන්ට සෘජුවම කතා කර මේ වංචාව සදහා සම්බන්ධ කරගෙන ඇති බවත්, තවත් පිරිසක් වෙනත් පාර්ශවයන් හරහා සම්බන්ධ කරගෙන ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මෙම සැකකාරිය මුදල වංචාවට අමතරව විවිධ පුද්ගලයන්ට ආචාර්ය පදවි ලබා දෙන ආයතනයක් ද පවත්වාග ගොස් ඇති අතර, රටේ ජනප්‍රිය පුද්ගලයන්ට, නළු නිළයන්ට ඇතුලු පිරිසට එම ආයතනය හරහා ආචාරය උපාධි ද ලබා දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු හෙළි කරගෙන ඇත.
මෙම සැකකාරිය සිදු කළ මුල්‍ය වංචා සිද්ධිය සම්බන්ධයෙන් වංචා සිද්ධියට අමතරව මුදල් විශූද්ධි කරණය යටතේ නීතිය ක්‍රියාත්මක කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අට පාස් නැති අය ආචාර්ය උපාධි දෙන රටක් මේක.
මෙම ආයතනයේ මුදල් තැන්පත් කල අය ආදායම් බදු වංචා සදහා මෙහෙම තැනැත්තියක් ළග මුදල් තැන්පත් කලා වෙන්න බැරිද ඒ අය ගැනත් සෙව්වොත් යමක් කමක් සොයන්න පුළුවන් වේවි නේද?
මෙවන් මූල්‍ය වංචාවකරුවන් අතර ලංකාවේ මූල්‍ය නීති පද්ධතියෙ කුහුවෙකි කුමා.
අන්තිමට නිදොස්කොට නිදහස් වෙයිද දන්නෙ නෑ. දැනටම කළුකබා පැල් බැඳගෙන ඇත්තේ ඇගේ පැත්තට කතා කරන්න . මොකද කෝටි වලින්නෙ ගේම දීීලා තියෙන්නේ
වැරැද්ද පිළිගන්න. අත්හිටවූ සිර දඬුවම් ලබාගෙන දඩයක් ගෙවලා ෂේප් වෙන්න පුළුවන් සක්විතිට වගේ.
ප්‍රියමාලි නාටකය මගින් හෙළිවන ප්‍රධාන කාරණය වන්නේ මුදල් පසුපස හඹා යාමේ දී හෝ දුෂණය වංචාවට පෙළඹීමේ දී හෝ වෙනත් එවැනි අකටයුතුකම්වල දී පෙරමුණ ගන්නේ දේශපාලකයන් පමණක් නොවන බවයි. "දේශපාලකයන් විසින් අපේ සල්ලි හොරා කෑ නිසා රටට මේ වින්නැහිය" යන ඕනෑම කෙනෙක් බොහොම පහසුවෙන් ඇද බැඳ ගත හැකි, මනමොහනීය වූ "බාගෙට ඇත්ත" සටන් පාඨය තුළ මුළු මහත් සමාජයම පාහේ ගිල්වා ඇතත්, වංචාව යන කාරණයේ දී කාගේ කාගේත් කිල්ලෝටවල ඒ ඒ ප්‍රමාණයන් ගෙන් හුණු ඇති බව මෙමගින් අප තේරුම් ගත යුතු ය. වෙසෙසින්ම, දූෂණ විරෝධී පුවරු ඔසොව සිටින යතිවරයන් යයි කියා ගන්න අය ඇතුළු බොහෝ දෙනෙක් ද මෙම කාන්තාව හා එක් වී සිටීමෙන් පෙන්නුම් කරන්නේ එම ශෝචනීය තත්වයයි.
මෙවැනි අමන මුග්ධයින් කෝටිපතියන් වුනේ කෙසේදැයි සොයාබැලීම වටී. මේ තැන්පත්කරුවන් සියල්ලම කළු සල්ලි කාරයින් බව ඉතා පැහැදිලිය.
සක්විති පැනල ගිය පසුවත් ඉස්තාලය වහගන්න බැරි උන රටක්.
මේ අන්තිම හොරා නෙමෙයි.තව හොරු බිහි වෙනවා .ඉදිරියේදීත් ,ඒවාටත් තව එවුන් අහු වෙනවා .මම නම් මේ ගෑනිට දොස් කියන්නේ නැහැ.ඒ ගෑනි කරේ හොරුන්ගෙන් හොරකම් කරපු එකා.ජනාධිපතිකමට උනත් සුදුසු ගෑනියෙක් මේ
මේවා මිනිසුන්ට පෙන්වන සංදර්ශන විතරයි .දැන් හැම අර්බුධයක්ම අමතක කරලා මිනිස්සු මේක ගැන හොයනවා .මෝඩ මිනිස්සු ඉන්න රටක මේවා සාමාන්‍ය 'පුරුදු' වෙලා
කවුද කියන්නේ ලංකාව දුප්පත් රටක් කියලා. කෝටි ගණන් දාපු සල්ලිවලින් තෙල් නැව් 10ක් විතර ගන්න පුළුවන්. දැනට 10 දෙනෙකුගේ සල්ලි මෙච්චර නම් සල්ලි ගණන් දාපු ඔක්කොම ගණන් බැලුවාම... දැන් මෙයා ගාව එයාට වඩා සල්ලි තියෙනවා.
ඒ අහිංසක දැරිවියට කරදරයක් නොවේවා...!
ඇත්තටම මෙයාට තිබිලා තියෙන්නේ පුදුම හැකියාවක්. හොඳ දේකට යෙදවුවා නම් නම්බු පිටින් ජීවත් වෙන්න තිබ්බා. මුදල් දාපු අය ගැන නම් කිසිම දුකක් නෑ. ඔවුන්ට මේ මුදල් කවදාවත්ම නොලැබේවා. මෝඩයින්ට මොන සල්ලිද?
කරලා තියෙන වැඩ අනූව මෙයාව හිරෙ දාලා හරියන්නේ නෑ. . අලි සබ්‍රිට එන්න කියලා . මෙයාව යවන්න ලංකාවට ආයොජන අරං එන්න.. ලෝක බලවතුන්ට හොද සුද්දයක් දාලා ඔක්කොම සල්ලි ටික අරං එයි.
රාජපක්ෂලාගේ ගැහිලි එක්ක බලද්දී මේවා කජු ඇට කොස් ඇට නේ
මේකත් තව ෆිල්ම් එකක් විතරයි. රට කොහොමත් ගිලෙනවා අහිංසක මිනිස්සුත් එක්ක. VIP ලා බේරෙනවා. මේවට වගකියන්න ඕනේ මෝඩ, නූගත් ඡන්ද දායකයින් 69 ලක්ෂය...
මොනවා කෙරුවටද දන්නේ නැහැ ආචාර්ය උපාධි දෙන්නේ..? සමහරවිට හොරකම්, වන්චා, දූෂණ, කපටි, කෛරාටික වැඩවලට වෙන්ඩැති... හොරට ලියලා විභාග පාස් වෙච්ච පෙරකදෝරුවොත් ඉන්න රටක්නේ...?
තවත් මූණු වහගෙන රකින්න හදන නල්ල මලේ සදාචාරය...
හොරට උපාධි දෙන තැන් නම් ඔ්න තරම් තියනව ලෝකෙ පුරාම. එක්කෙනෙක් නවසීලන්තෙ ගිහිනුත් අරන් ආවා. මතක නැතිද?
මට නම් පෙන්නේ දැනුයි කලු සල්ලි සුදු කර ගන්න යන්නේ. හමෝගෙම සල්ලි මෙයා ලග කියලා උසාවියෙන්ම සල්ලි සුදු කරගන්න ගේමක් වගෙ මෙ. මෙයා හැසිරෙන විලාසයෙන්ම පෙනවා කිසි බයක් හැකක් නැති බව. එයා හොදින් දන්නව රගපෑමක් කියලා.
සක්විති රණසිංහ "ජීවිතයේ බිඳවැටීම් පන්නරය කරගත් අපූරු මිනිසා" වුණා වගේ මෙයත් වටේටම අල්ලලා ගේමක් ගහයිද? බැසිලා වගේ හිටියානම් ගොඩම තමයි.
මුන්ට බැහැ අර ගම්වල අසරණ වෙලා,නන්නත්තාර වෙලා ඉන්න තරුණ අයට රක්ෂාවක් කරගන්න පුලුවන් විදියේ කර්මාන්ත ශාලාවක් දෙකක් පටන් ගන්න.එහෙනම් රටත් දියුණු වෙයි.සාධාරණ හම්බ කිරීමකුත් වෙයි.මර්දනය ඕන වෙන එකකුත් නැහැ.
රටම හොරාකාපු නන්දසේනලාට වඩා හොඳයි...
මුහුනු බොද කරල දාන්නෙ පුත්‍ර සාගමට බ්?
මෙයා වටේටම අල්ලලා බේරෙනවා. මේවා රාජපක්ෂ කලුසල්ලි... ජනතාව තමයි මෝඩයෝ...