
(රෝෂන් තුෂාර)
කොළඹ 07, බාන්ස් පෙදෙසේ පිහිටි පර්චස් 79.71 ක වටිනා ඉඩමකට ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සකස් කර කෝටියක මුදලකට ප්‍රසිද්ධ සමාගමකට විකිණීමට සම්බන්ධ වූයේ යැයි කියන ප්‍රධාන සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
කළුතර නාගස්හන්දිය ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි සැකකරු කළුතර නගරයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ව්‍යාජ නමකින් පෙනී සිට ඔප්පුව සකසා ඇති 73 හැවිරිදි සැකකරු දිලන්ත මාලගමුව ඇතුළු පිරිස සමග එක්ව අදාල ඉඩම සමාගමකට විකුණා ඇති බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd