(ඩයනා උදයංගනී)
සන්ඩේ අයිලන්ඩ් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයා ලෙස කටයුතු කළ සුරේෂ් පෙරේරා මහතා කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.
ඔහු අභාවප්‍රාප්ත වූයේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
මාධ්‍යවේදියකු ලෙස වසර 40ක පමණ කාලයක් කටයුතු කළ සුරේෂ් පෙරේරා මහතා ඉන් වසර 30ක පමණ කාලයක් සේවය කළේ සන්ඩේ අයිලන්ඩ් පුවත්පතේය.
පාර්ලිමේන්තු හා කැබිනට් වාර්තාකරණයේ පළපුරුදු මාධ්‍යවේදියකු වූ ඒ මහතා එක් දියණියකගේ පියෙකි.
සුරේෂ් පෙරේරා මහතා සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු මාධ්‍යවේදිනී රාණි මොහොමඩ් මහත්මියගේ සොහොයුරා ද වේ.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ගල්කිස්ස ආදාහනාගාරයේදී අද (18) සිදුකෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය වසරේ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ පැවැති විද්‍යොදය සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවය සඳහා ඒ අවස්ථාවේදී මෙතුමාද සිටියා මතකයි. මාධ්‍ය මිතුරාණෙනි, ඔබතුමාට මෙවන් මරණයක් සසර වසනතුරු ඇති නොවේවා ... මරණය අප සැමට පොදු දෙයකි. ඔබතුමාට නිවන් සුව අත්වේවා ... !!!
එහෙනම් කොරෝනා ළඟදීම ඉවර වෙයි...
කණගාටුදායක තවත් පුවතක්. එතුමාට නිවන් සුව පතමු.
සුරේෂ් පෙරේරාට නිවන් සුවය හිමිවේවා! ඉතාම සුහදශීලී මාධ්‍යවේදියෙක්...