කොරෝනා වසංගතය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ මියගිය ගණන 20,000 ඉක්මවා ගොස් ඇත.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 20,071කි.
මේ වනවිට වැඩිම කොරෝනා මරණ ගණනක් හා ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.
ඉකුත් දෙසැම්බර් මාසයේදී චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසය යුරෝපයට කඩා වැදුණි. යුරෝපයේ වැඩිම බලපෑමක් එල්ල වූ රටවල් බවට පත්වූයේ ඉතාලිය සහ ස්පාඤ්ඤයයි.
මේ වනවිට කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ නව කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.
පසුගිය සතියේ දී පමණක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දිනපතා වාර්තා වූ මරණ ගණනේ සාමාන්‍ය ඉතාලියෙන් දිනපතා වාර්තා වූ මරණ ගණනේ සාමාන්‍ය මෙන් තුන් ගුණයකි.
අල්ජසීරා
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික දවසකින් කොරෝනා සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. නැත්තටම නැති වෙලා යන්නෙ නෑ. ස්වභාවධර්මය විසින් එවන ලද රෝගයක්. මැරෙන අය මැරෙයි. ජීවත් වන අය ජීවත්වෙයි. උපදින සෑම කෙනෙකුටම මරණය උරුමයි. බොරු බයක් ඇති කරගන්න උවමනා නැත. ස්වභාවධර්මය අභිබවා යාමට නොහැකිය.