කොරෝනා වයිරසය හේතුවෙන් ජර්මනිය පනවා ඇති සීමා ලිහිල් කිරීම පිළිබඳ ප්‍රාන්ත නායකයින් සමඟ සාකච්ඡා කිරීමට ජර්මානු චාන්ස්ලර් ඇන්ජෙලා මර්කෙල් මහත්මිය පියවර ගෙන ඇත.
එම සීමා අවම වශයෙන් මැයි 3 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට බර්ලිනයේ ෆෙඩරල් ආණ්ඩුවට අවශ්‍ය වී ඇතැයි ජර්මානු මාධ්‍ය වාර්තා පවසයි.
කෙසේ වුවත් ඇතැම් වෙළෙඳසැල් දැඩී නීති මධ්‍යයේ අප්‍රේල් 20 වැනිදා සිට විවෘත වනු ඇත.
අනෙකුත් බටහිර යුරෝපීය රාජ්‍යයන්ට සාපේක්ෂව ජර්මනිය කොරෝනා වයිරසය හේතුවෙන් ඉතා දැඩි බලපෑමකට ලක් නොවුණි.
එරට මහජන සෞඛ්‍ය ආයතනයේ වාර්තා අනුව ජර්මනියෙන් ආසාදිත රෝගී මරණ 3254 ක් වාර්තා වී තිබේ.
ගතවූ පැය 24 තුළ සිදුවී ඇති මරණ සංඛ්‍යාව 285 කි.
ඔස්ට්‍රියාවේ ඇතැම් වෙළෙසැල් හෙට සිට නැවත විවෘත කිරීමට අවසර දී ඇති අතර ඇතැම් විට ජර්මනිය ද එම ක්‍රියාමාර්ග අනුගමනය කරනු ඇත.
ඩෙන්මාර්කය ද එරට පාසල් වයස අවුරුදු 11 න් පහළ සිසුන් සඳහා යළි ඇරඹීමට පියවර ගෙන තිබේ.
කොරෝනා වයිරසයෙන් උද්ගත වූ අර්බුදය හේතුවෙන් පසුගිය මාසයේ ජර්මානු ආර්ථිකය ද පසුබැසීමකට ලක්විය.
(බීබීසී ඇසුරෙනි)
-226-
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොරෝනාවට ජර්මනිය පැනවූ සීමා මැයි 3දා සිට ලිහිල් කිරීමට අවධානය
Nihal Wednesday, 15 April 2020 04:48 PM
ජර්මනියේ තව මාස 2ක් 3 ක් උනත් වහල දාන්න පුළුවන්... නමුත් එහෙම නොකරන්නේ කොරෝනවට වඩා බයානක තත්වයක් ඇති වෙන නිසයි. ලංකාවේ එදා වෙලා හොයා ගෙන කපු මිනිස්සු පන අදිනවා. මේ ඇදිරි නීතිය අදාල නිවසට, ගමට, නගරයට පමණක් දානවා මිස මුළු දිස්ත්‍රික්කයටම දැමීමෙන් රට විශාල අර්බුදයකට ලගදීම පත්වෙනවා...