(හර්ෂණ තුෂාර සිල්වා)
කුරානයේ ඇතැම් වගන්ති වැරැදි ලෙස අර්ථකථනය කර ඇතැයි සමස්ත ලංකා ජමියතුල්ලා උලමාවරුන්ගේ සංගමයේ සභාපති අෂ් ෂෙයික් එම්.අයි.එම්. රිස්වි මුෆ්ති මහතා කොළඹදී ප්‍රකාශ කළේය.
සාමය, සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුවේදී රාමඤ්ඤ නිකාය වෙනුවෙන් අනුශාසනාව කළ එම නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් කුරානය සම්බන්ධයෙන් කරන ලද විමසීමකට පිළිතුරු දෙමින් අෂ් ෂෙයික් එම්.අයි.එම්. රිස්වි මුෆ්ති මහතා ඒ බව පැවැසීය.
සාමය, සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුය කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී අද (31) පස්වරුවේ පැවැත්විණි.
එහිදී රාමඤ්ඤ නිකාය වෙනුවෙන් අනුශාසනාව කරමින් ඉස්ලාම් බැතිමතුන්ගේ කුරානයේ තිබෙනවා යැයි කියන මතභේදාත්මක සහ ප්රචණ්ඩත්වය වපුරන බව කියන වගන්නි සම්බන්ධයෙන් කරුණු පහදන්නැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ සමුළුවට රැස්ව සිටි මුස්ලිම් ආගමික නායකයන්ගෙන් ඉල්ලා සිටියහ.
තමන් කුරානය විවේචනය නොකරන්නේ යැයි ද බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නේ යැයි ද කුරානයේ ඇතුළත් බව කියන මෙම වගන්ති සම්බන්ධයෙන් පිළිතුරු දෙන්නැයි ද තමන් වැරැදි නම් නිවැරැදි කරන්නැයි ද ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවැසූහ.
ඉස්ලාම් ආගමික අනුශාසනාවේදී ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අෂ් ෂෙයික් එම්.අයි.එම්. රිස්වි මුෆ්ති කුරානයේ වගන්ති ඇතැම් පිරිස් තමන්ගේ පටු වුවමනා සඳහා වැරැදි ලෙස අර්ථකථනය කර ඇතැයි කීය.
අතීතයේ පැවැති යුද්ධවලදී සහ ඒවායේ භාවිතය සඳහා කරන ලද ඉගැන්වීම් අදට වලංගු නැතැයි ද අෂ් ෂෙයික් එම්.අයි.එම්. රිස්වි මුෆ්ති පැවැසීය.
මුස්ලිම් සමාජය, මුස්ලිම් විද්වතුන් මේ සම්බන්ධයෙන් නිවැරැදි කිරීම් කළ යුතු බවත් වැරැදි ලෙස අර්ථකථනය කර ඇති කුරානයේ වගන්ති සම්බන්ධයෙන් සිංහල බසින් පොත පත ලියැවී ඇතැයි මුස්ලිම් සමාජය එම පොත්පත් අනෙක් පිරිස්වලට ලබාදෙමින් මෙම වැරැදි අවබෝධ දුරුකළ යුතු යැයි ද කීවේය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙල් වැඩියෙන්ම තියෙන්නේ අරාබියේ. තෙල් සම්පතින් ලැබෙන මුදල් කන්දරාවට ගිජු ඇමරිකාවත් අරාබියට කීකරුයි. එහෙවු එකේ අපේ අයියලා ගැන කිනම් කතාද. "යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවනම් හාල් මල්ල නොබලාම විසිකරන්න" කියල තියෙනවා.
මේ රටේ ජනතාව සියලු දෙනාම අල්-කුරානය කියවිය යුතුයි. ඒ සදහා අල්-කුරානය සෑම භාෂාවකින් ම මුද්‍රණය කර බෙදා හැරිය යුතුයි.
කුරානයේ මෙම වගන්ති වැරදි ආකාරයට භාවිතා කරන්නේ මුස්ලිම් ජනයා මිස අනෙකුත් ජාතීන් නොවෙයි! මුස්ලීම් ජනතාව මෙම වැරදි සදාගත යුතුයි !!
සරලයි, කුරානයේ එවැනි දේ නැතිනම් එවැනි දේ ප්‍රචාරණය, දේශනා කිරීම, තහනම් කරන්න සහ වැරදි ලෙස යෙදවීම වෙනුවෙන් දැඩි දඬුවම් නීතිගත කරන්න. සහ සියලුම දෙනාට එකම නීතියක් දෙන්න. මුස්ලිම් අයට වෙන නීතියක්, සිංහල අයට වෙන නීතියක් දෙමල අයට වෙන නීතියක් ක්‍රියාත්මක කිරීමෙන්ම බෙදීම පටන්ගෙන තියෙන්නේ...
ඇයි අනෙක් අයටත් මෙතුමා වගේ අදහස් පලකරලා අඩුපාඩු නිවැරදි කරගන්න මහන්සි නොගන්නේ? දඬුවමම නිවැරදි කිරීමට මගක් නොවෙයි. කළයුත්තේ අවබෝධ කර දීමයි. එහෙම බැරිනම් දඬුවම් කළාට කමක් නැහැ...
මොවුන්ගේ අතීතයේ ඒවා තිබ්බ කියන්නේ මොවුන්ගේ ආගමේ මිනිස්සු මරන්න, විනාස කරන්න අනුබල දීලා තියෙනවා. අනිත් කිසිම ආගමක ඔහොම මිනිස්සු මරන්න කියලා නැහැ..
කුරානයේ එහෙම දේවල් තියනවා... ඒවා පිළිපදින්න කියලා නැහැ.. නමුත් අතීතයේ යුද්ධ වලට ඒවා බලපෑවා..
කුරානයේ වගන්ති ක්‍රියාවට නංවන්නේ මුස්ලිම් ජනතාව මිසක් අනේ ජාතීන් නොවෙයි (අන්තවාදයද ඇතුළුව)!... එම වගන්ති වල අඩුපාඩුවක් ඇත්නම් ඒවා මේ යුගයට නොගැලපෙන්නේ නම්, ඒවා ඉවත් කරගැනීමත් මුස්ලිම් නායකයින්ගේ වගකීමක්... කරුණාකර අනෙක් ජාතීන් මත කුරානයේ තියෙන දේවල් (හලාල් වගේ) බලෙන් පැටවීම වහා නතරකිරීම කළ යුතුයි.
ඉස්ලාම් ධර්මය ගැන මගේ අදහස් දෙකක් පලකිරීමට කැමතියි. මගේ පළමු අදහස නම් අපි සෑම ආගමකටම ගරු කළ යුතුයි. නමුත් කිසියම් ආගමකින් ඝාතනය සහ හිංසාව වපුරයි නම් ඒ ගැන විරුද්ධ වීමටත් අයිතියක් තිබිය යුතුයි. ඉස්ලාම් ආගමේ ප්‍රචණඩත්වයට මූලික හේතුව කුරාණයේ වගන්ති නම් ඒවා යල් පැනගිය ඒවානම් ඉස්ලාම් උගතුන් සියලුදෙනා එක්වී ඒවා ඉවත් කර අදට ගැලපෙන ඉස්ලාම් ධර්මයක් ගොඩනැගීමට කටයුතු කළ යුතුයි. සෑම ආගමක්ම මෙය කාලීනව සිදු කරණ දෙයක්. උදා: දෙවන වතිකානු මන්ත්‍රණ සභාව, කෙසේනමුත් මෙවැනි තත්වයක් සිදුකිරීමට සාම්ප්‍රදායික ඉස්ලාම් මතදාරීන් ඉඩ නොදේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඉස්ලාම් බැතිමතුන් තමන්ගේ මතවාදයන්ගේ වහළුන් ලෙස තබාගැනීමටයි. මාගේ දෙවන අදහස නම් බිලියන ගණනක් වන ඉස්ලාම් භක්තිකයින් භාවිතා කරන්නේ එකම කුරාණයයි. එහි ඉස්පිල්ලක් පාපිල්ලක්වත් වෙනස් කිරීම මරණයෙන් කෙලවර වන ක්‍රියාවකි. එසේ නම් අද ඉතාම සාමකාමී යයි කියනු ලබන ඉස්ලාම් භක්තිකයා මෙන්ම තලේබාන් සහ අයි.එස්. ත්‍රස්තවාදින් කරනු ලබන ඝාතන වලදීද ඔවුන් පෙන්වන්නේ එය කුරාණයට අනුකූලව සිදුකළ බවයි.
අන්න හරි.. තමන්ගේ වැරදි හදා ගන්නවා නම් අනුන්ගෙන් වැරදි වෙන්නේ නැති බව එයාලා තේරුම් ගන්නවා නම් මේ ප්‍රශ්න සේරම ඉවරයි. පහුගිය අවුරුදු 10-15ට කලින් කාලේ වෙනකල් ඒ ගොල්ලන්ට ලංකාවේ සිංහල සමාජයේ යහතින් ඉන්න පුළුවන් වුනේ ඒ කාලේ ඔය කියන වැරදි අර්ථකතනවත්, ෂරියා නීතිය වත් ඔලුවේ දාගෙන හිටියේ නැති නිසා... අදටත් එයාලා වෙනස් කියලා අනිත් අයට උලුප්පලා පෙන්වන්න දඟලන්නේ නැතිවෙනවා නම්, ඒ හරහා අපරාධ කරන්නේ නැතුව ඉන්නවා නම්.. මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. අනුන්ගේ ඇහේ රොඩු අයින් කරන්න කලින් තමන්ගේ ඇහේ තියෙන පරාල අයින් කර ගත යුතුයි.
සිතාමතාම පිරිසක් ඉස්ලාම් රාජ්‍යයකට අදාල කොටස් සාමාන්‍ය ජීවිතයට අදාළ කරලා පෙන්නනවා. කුරානයේ ලෝක අවසානය දක්වාම හැම යුගයටම හැම සමාජයටම ගැලපෙන විදිහට තමයි පහලවෙලා තියෙන්නේ. වෙනස් කරන්න මේක මුස්ලිම් නායකයන්ගේවත්, මුහම්මද්තුමාගේවත් නිර්මාණයක් නොවේ. ස්වභාව ධර්මයා වෙනස්කරන්න කාටවත් හැකියාවක් තිබේද? ඒ ආකාරයට මෙහි අන්තර්ගතයත් පිළිගත යුතුයි.
"කුරානයේ එහෙම දේවල් තියනවා... ඒවා පිළිපදින්න කියලා නැහැ" අනෙකුත් ආගම්වල ධර්මය තිබෙන්නේ පිළිපැදීම සඳහායි.. ඒවා මුළු මහත් ජන සමාජයේ උන්නතිය, පැවැත්ම සහජීවනය ආදීන් සඳහා දේශනා කළ දේවල්ය. කුරානයේ එහෙම තිබිලත් පිළිපදින්න කියලා නැත්නම් එවැනි දහමක් කා සඳහාද?
කුරානයේ වගන්ති ඇතැම් පිරිස් තමන්ගේ පටු වුවමනා සඳහා වැරැදි ලෙස අර්ථකථනය කරන්නේ නම්, අදට ගැලපෙන ලෙස එම වගන්ති සංශෝධනය කරන්නේ නැත්තේ ඇයි..?
බුදුදහමේ නම් මොන අර්ථකතන දුන්නත් හිංසාවට ඉඩක් නැත. ආගමක් කියන්නේ මොකද්ද කියල අවබෝධ කරගන්න බුදුදහම අවබෝධ කරගන්න.
උලමාතුමෝ ! එහෙම වර්තමානයට නොගැලපෙන දේ ශුද්ධ කුරාණයේ තියනවා නම් ඒවා සංශෝධනය කළයුත්තේ කවුද? ඒ පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග ...? මෙරටදී එකක් කියා ගිහිල්ලා, තව එකක් නොකර අවශ්‍ය කටයුතු හැකි ඉක්මණින්ම සකසන්න. මේ විදියට ලෝකයේ අනිකුත් රටවලදී සිද්ධ නොවෙන්න වහාම කටයුතු කරන්න වග බලාගන්න. නියම නායකයන් එවැනි අයයි...
විනාශකාරි දෙවල් ඉවත් කර පොදු කුරානයක් භාවිතා කරන්න.
කුරානය ස්වභාව ධර්මයේ නීතිය කියනකොට බෞද්ධ අපිට හිනායනවා. පොඩි කාලෙ ඉඳලා මොලේ හෝදපු ඔය ගොල්ලන්ට එහෙම හිතුණට, අපට හිතෙන්නේ කුරානය ආදිකාලෙ අරාබි කාරයන් රටවල් යටත් කරගන්න හදපු දෙයක් කියලා. වැරදියට අරන් ත්රස්තවාදීන් නිපදවන ඒවට මේ ලංකාවේ ඉඩ නෑ.
අතීතයේ පැවැති යුද්ධවලදී සහ ඒවායේ භාවිතය සඳහා කරන ලද ඉගැන්වීම් අදට වලංගු නැත්නම් එම ඉගැන්වීම් කුරාණයෙන් ඉවත් නොකරන්නේ මොකද?
ඉස්සර තිබ්බ වැකි දැන් වලංගු නැත්නම් තාමත් ඇයි ඒ වැකි කුරානේ තියෙන්නේ..?