(නිමන්ති රණසිංහ)
කොටහේන ප්රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් ප්රකාශ සටහන් කරගැනීම අවසන් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (9) කොළඹ කොටුව මහෙස්ත්රාත් රංග දිසානායක මහතා හමුවේ ප්රකාශ කළේය.
එමෙන්ම එම ප්රකාශවලින් ඉදිරිපත් වූ කරුණු සම්බන්ධයෙන් මේ වන විට පරික්ෂණ සිදුකරමින් පවතින බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව අධිකරණයට දැනුම් දෙනු ලැබීය.
මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු නාවික හමුදා ලූතිනන් කමාන්ඩර් නිලන්ත සම්පත් මුණසිංහ සහ හිටපු ලූතිනන් කමාන්ඩර් චන්දන ප්රසාද් හෙට්ටිආරච්චි නොහොත් ‘‘නේවි සම්පත්’’ ඇතුළු සැකකාර නාවික හමුදා නිලධාරීන් හත්දෙනා ලබන 23 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය වැඩිදුරටත් නියෝග කළේය.
ඒ අනුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ හිටපු නාවික හමුදා ලූතිනන් කමාන්ඩර් නිලන්ත සම්පත් මුණසිංහ, හිටපු ලූතිනන් කමාන්ඩර් චන්දන ප්රසාද් හෙට්ටිආරච්චි නොහොත් ‘‘නේවි සම්පත්’’, සංජීව ප්රසාද් තිලංග සේනාරත්න, අන්නච්චි නොහොත් ඉඹුලාවල උපුල් චමින්ද, හෙට්ටි හැන්දි, වර්ණකුලසූරිය ඇන්ටන් ප්රනාන්දු, සහ නාවික හමුදා සුළු නිලධාරී සම්පත් ජනක කුමාර, යන අයවලූන්ය.

(ඡායාරූපය- ලහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්රකාශ අරන් ඉවර නම් ඇයි තවත් පමා වෙන්නෙ? වහාම අත් අඩංගුවට ගන්නයි තියෙන්නෙ.
ප්රකාශ ගත්ත සියලුදෙනවම ඇත අඩංගුවට ගත්තද? දැන් නැති හින්දයි අහන්නේ?
ඔබතුමාගේ අදහස කැලේ නීතිය ක්රියාත්මක කරන්නයී. මුළු රටම දන්නා කරන්නාගොඩ නාවික හමුදාපතිතුමානම්, අප ජනතාව එල්ටීටී සුසයී ගේ බලග්රහණයයෙන් මුදවාගත් අවංක නිලධාරියෙකි. අද දමිල, සිංහල, ඉස්ලාම්, බර්ගර් අප සියලු දෙනා, ආර්ථික අමාරුකම් වලින් මිරිකී සිටියත්, රටේ පවතින සාම වාතාවරණය අපට ලබාදුන් ෆොන්සේකා, රොෂාන් ගුණතිලක, කරන්නාගොඩ, මහින්ද සහ ගෝඨාභයට ට දිවි පවතිනතුරු අප ගෞරව කල යුතුය. සිංහලුන්ට ඉතිහාසය මතක සිටින්නේ සති දෙකකකට පමණි.
මේවත් අර ලේකම්ගේ අපරාධ. ලංකාවෙන් නඩු දමන්න බැරිනම් මෙහෙන් කරන්න පුළුවනි .
දීපාල් , අත්අඩංගුවට ගන්න කියන්නේ යුද්දේ තිබුණ වෙලාවේ ප්රභාකරන්ට මුහුදෙන් පනින්න නොදී අරෂාකලාටද, නැත්නම්, කොටින්ගේ යුද නැව් පිටින් මුහුදේදී විනාශ කලාටද... පොඩ්ඩක් හොයල බලන්න අවුරුදු 30ක යුද්දෙදි කරන්නාගොඩ මහතාගේ දායකත්වය මොකක්ද කියල ... එහෙම නැතුව කෙනෙක්ට රැකවරණය දුන්න කියන චෝදනාවට විතරක් මෙවන් නිලධාරියෙක්ව ඇත අඩංගුවට ගන්න නීතියක් නැහැ... මෙවෙනකම් හමුදාව යුද අපරාද කල බවට කිසිම තැනක ඔප්පුවෙලා නැහැ..