
(අමිල සම්පත් ශ්‍රී)
මුහුදු වැලි වලින් කිරින්ද ධීවර වරාය ගොඩ වීම හේතුවෙන්වසර 15 ක පමණ කාලයක සිට කිරින්ද ධීවර වරායේ ධීවර කටයුතු අඩාලව පැවැති අතර එම කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා අද 29 උදෑසන ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා කිරින්ද ධීවර වරායට පැමිණි අවස්ථාවේ මාසයක් ඇතුළත වරායේ වැලි ඉවත් කිරීමට කටයුතු කරන බවට ධීවරයන්ට පොරොන්දු විය.
පසුගියකාලයේ හිටපු සියලු දියවර අමාත්‍යවරුන් කිරින්ද ධීවර වරායට පැමිණ එම ගැටළු විසඳීමට පොරොන්දු දුන්නදමෙතෙක් එම ගැටලුවලට විසඳුම් ලබා නොදුන් බවරැස්ව සිටි ධීවරයන් එම අමාත්‍යවරයාට චෝදනාකළේය.
කාර්යාලය පමණක් නොව ධීවර වරායට ගොස් නිරීක්ෂණය කොට මේ සඳහා වහාම පියවර ගන්නා ලෙස එහිදී ධීවරයෙකු අමාත්‍යවරයාට කියා සිටියේය. පසුව අමාත්‍යවරයා නිරීක්ෂණයට ගිය අවස්ථාවේබෝට්ටුවක් වරායට ගත නොහැකි සේ වැලි වලින් ධීවර වරායේ ජැටිය වැසි ඇති ආකාරය නිරීක්ෂණය කරගත හැකි විය.
මෙහිදී තවත් ධීවරයෙකු අමාත්‍යවරයා සමග පැමිණි නිලධාරීන් සහපිරිස පෙන්වාකියා සිටියේමේ අවස්ථාවේ විශාල පිරිසක් මේ වරායට ආවත් අමාත්‍යවරයා මෙතනින් පිටව ගිය පසු වරාය ගැටලු ගැන බලන්න කිසිදු කෙනෙක් නොමැති බවය.
ධීවර වරාය වැලි පිරිම හේතුවෙන් කුඩා බෝට්ටුවක් වත් වරායට ගත නොහැකි අතර වැලි කදු මත වැදෙන ටෝලර් බෝට්ටුකැඩී යාම හේතුවෙන්එම බෝට්ටු සඳහාද ලක්ෂගණන් වියදම් කිරීමට සිදුව ඇති බව මෙහිදී ධීවර යෝ අමාත්‍යවරයාට පෙන්වා දුන්හ.
එම අවස්ථාවේදී නිලධාරීන් කැඳවා දින දෙකක් ඇතුළත මෙම වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරන ලෙසඅමාත්‍යවරයා නිලධාරීන්ටඋපදෙස් දුන්නේය.
යාල සංචාරය කරන ගමන් වරාය දැකබලාගැනීමට පැමිණි චාරිකාවක් නොවන අතර ධීවර ජනතාව ඉහළට ඔසවා තැබීම සඳහා වරායේ ගැටළු නිරාකරණය කිරීම සඳහාකිරින්ද ධීවර වරාය පරිශ්‍රය නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි බව එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ අම්මෝ තාමත් ඔය වරායේ වැලි ඉවත් කර නැද්ද? මම ඔය සම්බන්ධව කටයුතු කළේ දැනට අවුරුදු 20කට කලින්. වරාය ගොඩවීමට හේතුව වරාය දෙපැත්තේ දියකඩන දෙකක් ඉඳි කිරීමයි කියලා එදා තීරණය වුනේ... වරාය ගොඩවීමට වැලි ආවේ පලටුපාන පැත්තෙන්. අපි පාටකරපු වැලි පලටුපාන පැත්තේ මුහුදට දමලා සුමානෙකින් ඒ වැලි කිරින්ද වරායෙන් ගොඩගත්තා. මම හිතුවා මේ වනවිට කිරින්ද වරාය දැන් යථාතත්වයට පත්වෙලා කියලා. අනේ අපොයි.. !