පසුගිය සති 4 තුළ ඇමරිකානු ජාතිකයින් මිලියන 21 කට අධික පිරිසකගේ රැකියා අහිමි වී ඇතැයි නවතම වාර්තාවක් මගින් පෙන්වා දෙයි.
එය ඉතා නරක අන්දමින් රැකියා අහිමි වීමේ වාර්තාගත තත්ත්වයක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
අමෙරිකා එක්සත් ජනපදයේ කම්කරු දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනුව අප්‍රේල් 11 වැනිදායින් අවසන් වූ සතිය තුළ රැකියා විරහිතභාවයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 52 කි.
ඊට පෙර සතියේ එම අගය ලක්ෂ 66 ක් ලෙස සටහන් වී තිබේ.
කොරෝනා වෛරසයේ පැතිරීම හේතුවෙන් අමෙරිකානු ජනගහනයෙන් වැඩි පිරිසකට අගුලු දැමීමේ සීමාවලට යටත්ව කටයුතු කිරීමට සිදුවී ඇත.
අමෙරිකානු ආර්ථිකයට ඇතිවූ බලපෑම හමුවේ මහා පරිමාණ සහ කුඩා පරිමාණ ව්‍යාපාරවල සේවකයින් රැකියාවලින් ඉවත් කිරීමට බලකෙරෙන වාතාවරණයක් ද උද්ගත වී තිබේ.
විශ්ලේෂණ අනුව මෙම මාසයේ රැකියා විරහිත අනුපාතය 20 % ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යා ලේඛන අනුව අමෙරිකාවෙන් මේ වන විට වාර්තා වී ඇති කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 640,014 කි.
ඉන් රෝගීහු 31,002 දෙනෙක් මරණයට පත්වී සිටිති.
-226-
(බීබීසී ඇසුරෙනි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රකට කතාවක් තියනවා පිස්සෙක් ජනපති උනත් ජනපති පිස්සෙක් උනත් දෙකම එකයි කියලා. මේක අපටත් අදාළ කාල වකවානුවක් තිබුනා. නමුත් මම හිතන්නේ මේක ඇමෙරිකාවට හරියටම හරි කියලා. මොකද වුහාන් වල මේක පටන්ගත්ත මුල් කාලේ මෙයා මේක චීන වයිරසය කියල අවමන් කරා විතරක් නෙමි චීනෙන් ගිලිහෙන රැකියා අවස්ථා ගන්නත් බලාගෙයි හිටියේ. ඔය අරන් තියෙන්නේ දැන්. පව් ඇමෙරිකානු ජනතාව !