(නිමල කොඩිතුවක්කු)
නිරෝධායනය වන පවුල් සඳහා ලබාදෙමින් තිබූ රු. 10,000ක් වටිනාකමින් යුත් සහන මල්ල සීමා කොට, තෝරාගත් පිරිසකට පමණක් ලබා දීමට ආණ්ඩුව තීරණයක් ගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
කොරෝනා ව්‍යසනය මැද ජීවිතය සහ මරණය සමග අරගල කරන මිනිසුන්ගේ සහන මල්ලටත් සීමා දමන ආණ්ඩුවේ අමානුෂිකත්වයේ තරම වටහාගත හැකි බවත් විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
"ජනතාවගේ ගෙල සිරකොට හෝ සිය අරමුණු ඉටුකර ගැනීමට දෙවරක් නොසිතන ආණ්ඩුව කොරෝනා ව්‍යසනයෙන් අන්ත අසරණව සිටින ජනතාවගෙන්ද පලිගැනීම ආරම්භ කොට තිබේ.
වසා දැමූ බොහෝ රටවල් සිය ජනතාවගේ ජීවිත නඩත්තු කිරීමට සහන පැකේජ හදුන්වා දී ඇති නමුත් ලංකාවේ සිදුවෙමින් තිබෙන්නේ ජනතාවට දෙන්නට වූ අවම සහන මල්ල පවා අත් හිටුවීම ය.
තුන් වේල තබා එක වේලක් හෝ කෑමට යමක් නැතිව සුසුම් හෙළන ලක්ෂ ගණනක් පුරවැසියන් ජීවත්වන රටක ජනතාවට කැපකිරීම් කරන ලෙස ඉල්ලීම තරම් සාහසික ඉල්ලීමක් තවත් නැත. කොරෝනා ව්‍යසනය මැද ජීවිතය සහ මරණය සමග අරගල කරන මිනිසුන්ගේ සහන මල්ලටත් සීමා දමනවානම් ඒ ආණ්ඩුවේ අමානුෂිකත්වයේ තරම වටහාගත හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයින් පෙනෙන්නේ ආණ්ඩුවේ බන්කොලොත්භාවයයි නොසැලකිල්ලයි.
ආණ්ඩුව කිව්වේ ඔය සහන මල්ල හැමෝටම දෙනවා වෙනුවට අඩු ආදායම් ලාභී පවුල්වලට පමණක් දෙන බවයි. අඩු ආදාම්ලාභීන්ට පමණක් එය දීම වැරදිද. අපි දන්න පවුල් දෙකක්ම ඉන්නවා මාසේ අන්තිමට සෑහෙන පඩිය ගන්න අය. ඒ අයටත් ඔය මල්ල ලැබුණ. දැන් සජිත් කියන්නේ ඒ වගේ තරමක හොඳ ආදායමක් ලබමින් සිටින අයටත් මේක දෙන්න ඕන කියලද. එතකොට දුප්පතුන්ට දෙන්න තිබෙන සහන නේද ඒවටත් වියදම් කරන්න වෙන්නේ.
අප නම් අවංකව හිතුවේ අපේ මේ සජි මලය මෙවන් ප්‍රකාශයක් කරයි කියල. එනම් දියවන්නාව පට්ටියෙන් මට ලැබෙන වැටුප මෙන්ම සියලුම දීමනාවන් "මා ජිවත්වන තුරාවට" සෑම මසකම මහජනතාවගේ සුබසාධන අරමුදලට බැරකරමි යන්න... එනමුත් කියවීමට නොහැකි අප අමාරුවෙන් කියවා බැලුවම මේ කියල තියෙන්නේ උගත් බුද්ධිමත් කතාවක්නේ....
මේ අවුරුද්දේ මුල් භාගයේදී අපේ පවුලටත් මෙම බඩු පැකට්ටුව ලැබුණි, එය අප වැනි මධ්‍යම කුල පවුල් වලට සහ අනෙකුත් ඉහළ කුල පවුල් වලට පවා එතරම් අවශ්‍ය නොවීය. අද දවසේ අවශ්‍යතාවන්ගෙන් එය සමන්විත වූ බව අපි සැම දෙනාම දන්නා කරුණකි රටේ වර්තමාන ආර්ථික ගැටලු ඉතාමත් නරක ය, රටේ වගකිව යුතු පුද්ගලයෙකු වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා රජයේ සෑම උත්සාහයක්ම විවේචනය නොකර මෙම ගැටලුව ඉවත් කර ගැනීමට රජයට සහාය විය යුතු අතර එය වෙනත් දේශපාලන වගකීමකි .. .
ඇත්තටම සජිත් කියන්නේ පුතනෝ කියලා මේකෙන් හොදටම ඔප්ප්පු වුනා. ආණ්ඩුවට දෙවැනි නැ දවසට මාධ්‍යට වොයිස්කට් 10ක් විතර දානවනේ මේ දවස්වල , වෙන කරන්න වැඩකුත් නැනේ ඉතින් ,,,,
ඒතුමා කියන්නේ හැමෝටම දෙන්න කියලාම විතරක් නෙවෙයි .ඒ්ක විද්‍යානුකූල ක්‍රමවේදයකට කරන්න කියලයි. ඒතුමාගේම ක්‍රමය අනුව විද්‍යාත්මකම ක්‍රමය තමයි උස අයට සහන මල්ලකුත් මිටි අයට සහන මලු බාගයකුත් දෙන ඒක. ඒ්කවත් තෙරෙන්නෙ නැත්ද. මෙතුමා මොකක්හරි කියලා තියෙනවනම් ඒ්කෙ පිටට වාචාල කතාවක් වගේ පෙනුනට විශාල අභ්‍යන්තර පුළුල් අර්ථවත් අරමුණක් තියෙනවා. හෑබැයි ඒ්ක තේරුම්ගන්න නම් ඒතුමා හා සමානව මොලයක් අහන කෙනාටත් තියෙන්න ඔ්නේ. දැන් ඉතින් කල්පනා කරන්න ඒපා ඒ් මොන වගේ මොලයක්ද කියලා. ප්‍රශ්ණයයි පිළිතුරයි අතර තිසිම අදාලත්වයක් නැති බව නොතේරෙන්න හෝ ඒතුමා ප්‍රශ්ණයට දෙන පිළිතුර ප්‍රායෝගික කරන්න බැරි බව නොතේරෙන්න තරම් විශාල මොලයක් තිබුනම ඇති. මම මේ කියලා තියෙන දේ අවුල් වගේම මෙයාගේ ප්‍රකාශත් අවුල්ම තමයි.
අපිටත් ඔය 10000 බදු මල්ල ලැබුනා. අපි දුප්පත් පවුල් 3කට එය බෙදලා දුන්නා
රටේ ප්‍රස්න වලින් ගොඩ එන්න මෙලෝ සැලසුමක් නෑ..
ඉතිං දැං සජබෙ ත් අරමුදලක් හැදුවා නේ. ඒකෙන් ඔය මදි පාඩුව පුරවන්න . පුතානෝටත් අවස්ථාව දෙන්න යි ඔහොම කරල තියෙන්නේ .
උස අයට 10,000යි මිටි අයට 5000යි. වැඩේ හරිනේ.?