කොරෝනා වෛරසය පැතිරීමේ හා බලපෑමේ අවදානම ගෝලීයව ඉතා ඉහළ මට්ටමක පවතින අතර එය අනතුරු ඇඟවීමේ ඉහළම මට්ටමට ලඟාවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි.
කෙසේවුවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ එය පාලනය කිරීම තවමත් කළ හැකි බවයි.
“අපගේ වසංගත රෝග විද්‍යාඥයින් මෙම රෝගය ව්‍යාප්ත වන ආකාරය අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටී. පැතිරීමේ අවදානම සහ කොවිඩ් -19 හි බලපෑම ගෝලීය මට්ටමෙන් ‘ඉතා ඉහළ’ අගයක් දක්වා තක්සේරු කිරීම සිදු කළෙමු. වෛරසය ප්‍රජාවන් තුළ නිදහසේ පැතිර යන බවට තවමත් සාක්ෂි අපට නොපෙනේ. එය පවතින තාක් කල් අපට මෙම වෛරසය පාලනය කිරීමට අවස්ථාවක් තිබේ.” ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ට්‍රෙඩොස් අද්නාම් ග්‍රෙබෙයිසිස් පවසයි.
“පැතිරීම හා බලපෑම සම්බන්ධයෙන් අපි ඉහළම මට්ටමේ සිටිමු. නමුත් එය මිනිසුන් බිය ගැන්වීමට නොවේ ”යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් පැවසීය.
ඉරානයට ප්‍රවේශ වීම සම්බන්ධ ගැටළු හේතුවෙන් ඉරානයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙහෙයුම ප්‍රමාද වී ඇති බව රයන් පැවසීය, නමුත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජය සැපයුම් සඳහා සහාය වෙමින් සිටියි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග විද්‍යා වෛද්‍ය මාරියා වැන් කෙර්කොව් පැවසුවේ “වෛරසය විවිධ දේශගුණික තත්ත්වයන් යටතේ වෙනස් ලෙස ක්‍රියා කරනු ඇතැයි සිතීමට කිසිදු හේතුවක් නැත” යනුවෙනි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපානයේ පාසල් වහලා, චීනයේ සෑමතැනම බ්ලීච් වලින් සියලුම දේ සෝදනවා. නිකරුනේ ගුවන් තොටුපොළට යාමෙන් වළකින්න. අතට අතදීම වෙනුවට අත්දෙක එකතු කොට අාචාර කරන්න පුරුදුවන්න. නිතරම අත් සෝදන්න. ලෝක සෞඛ්‍ය සංවිධානය දෙන තොරතුරු පිළිපදින්න. තවම හරි තොරතුරු කව්රුවත් දන්නේ නැත. අවදානම පිළිබඳව චීනය දෙන තොරතුරු කිසිවිටෙකත් පිළිගත නොහැකිය.
පර්යේෂණ පත්‍රිකාවකින්... අඳුරු(කළු) සමක් ඇති මිනිස්සුන්ගේ පරම්පරා උරුමය (ජාන) අනුව ඔවුන්ගේ සමස්ත ACE2 ප්‍රතිග්‍රාහක අඩවි (ACE2 receptor sites) අඩු බැවින් මේ වෛරසයට සෛලවලට ඇතුළු වීමට ඇති ඉඩකඩ අඩුයි. ප්‍රෝටීන්වල ඇමයිනෝ අම්ලවල ඇති පෙප්ටයිඩ් බන්ධන බිඳීමේ ක්රියාවලියද වෙනස් ජාන හේතුවෙන්... සමකයට ආසන්න රටවල් වල පාරජම්බුල කිරණද වැඩියි. මේ නිසා වෛරසයට ජීවත් වෙන්න ඇති ඉඩකඩ අඩුයි...