(තිලකරත්න දිසානායක)
කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ සහිත රෝගීන් පරීක්ෂා කර කඩිනමින් අවශ්‍ය පියවර ගැනීම සඳහා නව ඒකකයක් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අද (04) ස්ථාපනය කෙරිණි.
කැස්ස , උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ සහිත රෝගීන් බාහිර රෝගී ප්‍රතිකාර අංශයට යොමු කිරීම මෙම අවස්ථාවේ සුදුසු නොවන බැවින් මෙවන් ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ගත්බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා පැවසීය.
මේ සඳහා මහ රෝහල් සංවර්ධන පදනම මගින් රුපියල් ලක්ෂ 10 ක මුදලක් පරිත්‍යාග කර ඇති අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉංජිනේරු අංශ සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් මෙය ඉදිකර තිබේ.
ප්‍රදේශයේ නාහිමිවරුන්ගේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ඒකකය විවෘත කිරීම සිදු කෙරුනු අතර රෝහල් සංවර්ධන පදනමේ සභාපති රවීන්ද්‍ර ගණේගොඩ , එහි උපදේශිකා සුජාතා විජේසිංහ, ගුවන් හමුදා ගෲප් කපිතාන් චින්තක මුතුතන්ත්‍රී සහ බල පන්ති ලුතිතන් දමින්ද කොළඹ තන්ත්‍රී යන මහත්ම මහත්මීන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයෙහි පිරිසක් එක්ව සිටියහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා රෝග තත්ත්වය පරීක්ෂා කරන්න ගම්පහ රෝහලේ වෙනම ඒකකයක්