(මොහොමඩ් ආසික්)
හාරිස්පත්තුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුල කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසයේ මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා සහ ජනතාවට සහන සැලසීම සඳහා සභා අරමුදලෙන් රුපියල් ලක්ෂ 100 ක් ( රුපියල් කෝටියක්) වෙන් කිරීමට සභාවේ සියලු මන්ත්‍රීවරුන් එකඟතාවය මත තීරණය කර ඇති බව එහි සභාපති ආනන්ද ජයවිලාල් මහතා කීය.
මේ සම්බන්ධයෙන් සභාපති ආනන්ද ජයවිලාල් මහතා තදුරටත් සඳහන් කළේ, හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාවය මත සභා අරමුදලෙන් රුපියල් ලක්ෂ 100 ක් වෙන් කර එම මුදල් නව කොරෝනා වයිරසය මර්දන කටයුතු සඳහා සහ ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීම සඳහා යොදා ගැනීමට කටයුතු කරන බවයි.
මෙම මුදල් වෙන් කිරීම සඳහා මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් තුමාගේ නිර්දේශය සහ පළාත් ආණ්ඩුකාර තුමාගේ අනුමැතිය ඉල්ලා ඇති බවත් සභාපතිවරයා කීය.
මෙයට අමතරව, හාරිස්පත්තුව දකුණ විවිධ සේවා සමුපකාර සමිතියේ සහ තොග වෙළඳුන්ගේද සහාය ඇතිව කොට්ඨසයේ ජනතාව වෙනුවෙන් සහනදායි පදනම මත වියලි ආහාර මල්ලක් ලබා දීමටත්, ප්‍රදේශයේ බේකරිවල සහාය ඇතිව පාන් ඇතුළු බේකරි නිෂ්පාදන නිවෙස්වලට ගොස් බෙදා හැරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කර ඇති බව සභාපති ආනන්ද ජයවිලාල් මහතා තව දුරටත් කීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා මර්දනයට හාරිස්පත්තුව ප්‍රා.සභාවෙන් ලක්ෂ 100 ක්