(මනෝප්‍රිය ගුණසේකර සහ ඩයනා උදයන්ගනී)
‘කොවිඩ් 19’ හෙවත් ‘කොරෝනා’ වයිරසය ආසාදනයවීම හේතූවෙන් පුද්ගලයින් 202 දෙනෙකු පෙරේදා (02) මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අද තහවුරු කළේය.
ඒ අනුව ‘කොරෝනා’ වයිරසය ආසාදනයවීම හේතූවෙන් මියගිය සමස්ථ මරණ සංඛ්‍යාව 9806 ක් වු බව එම වාර්තාවේ සඳහන් වේ.
මියගිය 202 දෙනාගෙන් 155 දෙනෙකු වයස අවුරුදු 60ට වැඩි අය වන අතර 42 දෙනෙකු වයස අවුරුදු 30ත් 59ත් අතර පසුවන්නෝද ඉතිරි 05 දෙනා වයස අවුරු 30 අඩු අයද වෙති.
මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයින් 113 දෙනෙකු හා කාන්තාවන් 89 දෙනෙකු සිටිති.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.