(අංජුල මහික වීරරත්න)
කොරෝනා මර්දනය කරන අතරම රටේ අභ්‍යන්තර ආරක්ෂාව සම්බන්ධයෙන් ද නිරන්තර අවධානයෙන් සිටින්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පොලිසියට උපදෙස් ලබා දුන්නේය.
කොරෝනා රෝගයට පොලිස් නිලධාරීන් 11700 ගොදුරු වී ඇති අතර එයින් 28 දෙනකු මිය ගොස් තිබෙන බවද වීරසේකර මහතා කීය.
කොරෝනා කාලයේ වුවද මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් වලට හිස එසවීමට ඉඩ දිය යුතු නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ක්‍රියාන්විත රාජකාරි අතර පොලිස් නිලධරයකු අභාවයට පත් වුවහොත් ඔහුගේ නියමිත කාලය අවසන් වන තුරු පවුලේ අයට සම්පූර්ණ වැටුප දීම සඳහා සඳහා කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙස ලෙසද අමාත්‍යංශ ලේකම් වරයාට වීරසේකර මහතා උපදෙස් ලබා දුන්නේය
.මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල ජගත් අල්විස් පොලිස්පති චන්දන වික්‍රමරත්න සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සමඟ සූම් තාක්ෂණය ඔස්සේ රැස්වීමකට සහභාගී වෙමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙි බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක තමයි ඉක්මණටම පහන්තුඩාවේ සිද්ධියට අදාළ අයව අත්අඩංගුවට ගත්තේ නේද? පාස්කු බෝම්බේ, බැඳුම්කර වගේ දේවලින් රටට කිසිම බලපෑමක් වුණේ නැහැනේ..
පොලිස් නිලධාරීන්ගේ මරණයන් ගැන ඉතා කණගාටුයි. අසනීප වූ අයට සුවය පතනවා. නවසිලන්ත සිද්ධියටත් ශ්‍රී ලාංකිකයෙක් සම්බන්ධ යැයි කියන නිසා ඔබතුමාට වැඩ වැඩිවෙයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධ සෑම සැබෑ ක්‍රිස්තියානි පුද්ගලයෙක්ම අවධානයෙන් ඉන්නෙ. පොලීසියේ අයට සාමාන්‍ය ජනතාව හෝඩුවාවක් දෙනවිට ඒ අයගෙ අන්න්‍යතාව සැගවීමට කිසිම උත්සාහයක් නැති බවයි ප්‍රසිද්ධ.
කොලේ ඉරාගත්තු කෙනෙක් තේ කෝප්පේ කිඹුල්ලු දකියි..
කොවිඩ් හැදුණු කෙල්ලන්ට ඇඳුම් දෙන්න යන්නේ නැතැයි දැන් ළමයෝ...
මෙහි තියන කමෙන්ට් එකේ කට්ටියකගේ දැක්ම පමණක් කියන නිසයි ලියන්නේ... මෙහි ඉන්න ඔය කවුරුහරි මෙතුමාගේ තැන ගත්තා නම්, මේ වගේ පල් වූ දේශපාලන පිටියක අළුත් ඇමති කෙනෙක් වෙනවා කියන්නේ පරණ අයගේ ඉල්ලීම්ද, ඔවුන්ගේ පවුලේ අයගේ ඉල්ලීම්ද යාළුවන්ගේ ඉල්ලීම්ද ඉවත ලන්න බැරි යැයි යන මානසිකත්වය තියෙන්න පුළුවන්... ඒකනේ අපේ රටේ බොහෝ දෙනෙක් අඳුරන අයගෙන් යමක් කරගන්න හිතන්නේ. බටහිර රටවල පවුලේ කෙනාටත් තියන සිස්ටම් එකෙන් කාර්යයක් කරගන්න තනන මානසිකත්වයක් නෑ. මේ නිරූපිකාව මෙතුමගේ දියණියක් තරම් ලාබාල එකේ මේ විදියට කථා හැදීම රටට හොඳ නෑ කියලයි හිතෙන්නේ. ඔයිට වඩා කතන්දර මෑත ඉතිහාසයේ ප්‍රවීන පාර්ලිමේන්තු සභිකයින් මවා තියනවා නේද? සමහර ඒවා අපරාධ ගණයට අයිති භයානක කතන්දර... මේ පක්ෂයේ කට්ටියත් මෙතුමාව බයිට් එකට ගන්නවද කියලා හිතෙනවා.