(හසිත රංග ගුණතිලක)
කොරෝනා වෛරසය පාලනය කරගත නොහැකි තත්වයකට පත්වුවහොත් කතෝලික සභාව මගින් පාලනය වන සියලුම පාසල් වසා දමන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ අධ්‍යාපන ක්ෂේත්‍රය බාර පුද්ගලයින් ගන්නා තීන්දු තීරණවලට ද එකඟව කටයුතු කරන බවද අගරදගුරුතුමෝ කීහ.
බොරැල්ල අගරදගුරු මැදුරේ අද (28) පැවති මාධ්‍ය හමුවකදී අගරදගුරුතුමෝ මේ බව පැවසූහ.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන චීනයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් රජයට ස්තූතිය පළ කරන බවද මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ වැඩිදුරටත් පැවසුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතෝලික පාසල් විතරක් නෙමෙයි සිංහල මුස්ලිම් දෙමල සියලු පාසල් වල ඉන්නෙත් ළමයි. ඔක්කොම වහන්න ඕනි
කතෝලික ළමුන් විතරයි ළමුන් අනිත් ළමුන් එහෙම නැහැ.
හොඳ අදහසක්. කතෝලිකයන් පමණක් බේරගත්තොත් ඇති.
ඔව් ඉතින් අනික් ජාතීන්ගේ ළමයි නැති උනාම මෙයාගේ ආගමේ ළමයි ඉතුරු වෙනවානේ.
එක ඇත්ත. අපි බේරුනොත් ඇති. අනිත් සිංහල, දෙමළ, මුස්ලිම් අය ගැන අපට කමක් නැහැ. සුදු ඇදගෙන කළු ඇවිදින්. සමහර වෙලාවට සුදු ඇදගත්ත අයගේ කළු පෙන්න ගන්නවා.
දැන් අපේ රටේ තීන්දු තීරණ ගන්නේ ආගමික නායකයන්ද ?
අපූරු දූරදර්ශී අදහසක්.සියලුම ආගමික නායකයින්ට ගරු කරනවා. ඒත් කාදිනල්තුමා මේ වගේ අදහස් තියෙන කෙනෙක්ද? එතකොට කාදිනල්තුමාගේ කරුණාව දයාව තියෙන්නේ කතෝලික දරුවන්ට විතරද? අනික් අය දරුවෝ නෙවෙයිද? කොහොමද ඒ වගේ අදහස් තියෙන්නේ?
"කතෝලික පාසල් පමණක් වහනවා" කියන ප්‍රකාශයට මමත් විරුද්ධයි. නමුත් මේ රටේ පාලකයින් ගැන කිසිදු විශ්වාසයක් තවමත් නොමැති බව තමයි උන්වහන්සේගේ ප්‍රකාශයෙන් පිළිඹිබුවන්නේ. පසුගිය රජය සමයේ රටේ පාලකයින් දැන දැනම කතෝලික ජනතාවට එල්ල කළ ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන උන්වහන්සේට තවමත් අමතක නැතිව ඇති. අඩුම තරමේ තමන්ගේ ජනතාවගේ ආරක්ෂාවවත් සපයා ගැනීම තමයි නායකයෙක් ලෙස එතුමා කළ යුත්තේ. කොහොමත්, කතෝලික පාසල් වල කරන අනාගත වැඩපිළිවෙලක් සහිත අධ්‍යාපනය සහ ඒ පුජකයින්ගේ හික්මීම මෙන්ම සමාජයට හා දරුවන්ට ආදර්ශයට ගත හැකි විනය ගැන අපි ඔවුන්ව අගය කළ යුතුයි.
කාදිනල්තුමන්ට තීරණ ගන්න පුලුවන් කතෝලික පාසල් ගැන විතරයි. අනෙක් පාසල් පිළිබදව රජය තීරණය කළ යුතුය. ප්‍රතිචාර දක්වන වීට අවබෝධයෙන් ප්‍රතිචාර දැක්වීමට කරුණික වන්න.
දැන් ඔබ ආත්මාර්ථකාමී යැයි කියනු ඇත.
අනික් පාසල් ගැන එතුමාට තීරණයක් ගන්න බැරි නිසා වෙන්න ඇති එහෙම කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. සමහරු ඕකට අකමැති වෙන්නත් පුළුවන්නේ. එවිට කියයි එතුමා කොහොමද පාසල් වහන්න කියන්නේ කියා. ඕකයි මම හිතන විදියට හේතුව. බොම්බේ ප්‍රශ්නේ වෙලාවෙත් එහෙම කළානේ. අනික් අයට උපදෙස් දෙන්න එතුමාට බැහැනේ. මෙතන ආගම් ප්‍රශ්නයක් නැහැ.
"අශ්වයා පැනලා ගිය පසු ඉස්තාලේ වහලා ඵලක් නැහැ" කියන බව කාදිනල්තුමා දන්නවා. අනාගත අවධානම ගැන හිතලා, එතුමාගේ වපසරිය තුළ යම් තීරණයක් ගත හැකියි. දේශපාලකයින්ට මුට්ටි අල්ලන ආගමික නායකයින්ට වඩා, එතුමාට තමන්ගේ ජනතාව ගැන විශාල ආදරයක් තිබෙනවා. එතුමාව ආදර්ශයට රැගෙන අනෙකුත් පූජකයිනුත් ඒ ආකාරයෙන් කටයුතු කිරීමයි කළයුත්තේ... පාලකයින්ගේ දෙපතුල් ලෙවකමින් වරප්‍රසාද ලබාගැනීමට උත්සාහ කිරීම ආත්මාර්ථකාමීත්වය විනා, තමන්ගේ ජනතාව වෙනුවෙන් පෙනී සිටීම කිසි විටෙකත් ආත්මාර්ථකාමීකම නොවේ.
සියලු පාසැල් වසා දැමීමට ඉල්ලා සිටින බව ප්‍රකාශ කළානම් එය සාධාරණ ප්‍රකාශයක් වෙනවා....
එ්කට අපේ පාසල් ලෝක විනාශේ වෙනවා කිව්වත් පැමිණීම 80% බලනවා. මේ පොළවේ පයගහලා නෙමේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉන්නේ...
මෙතුමට තීරණය කරන්න පුළුවන් කතෝලිකයන් ගැන පමණයි. ඒ නිසයි එහෙම කියලා තියෙන්නේ. බහුතරයක් වන බෞද්ධ පාසල් ගැන කතා කරන්න බෞද්ධ හිමිනමක් නැති එක ගැන බෞද්ධයෙක් විදියට කණගාටුයි. අපේ හාමුදුරුවරු කතා කරන්නේ කුඩු මුදලාලිලා, මිනීමරුවන්, හොර දේශපාලුවෝ බේරාගන්නනේ.
ඔය තීරණය ගන්න ඕනි රටේ නායකයෝ අධ්‍යපන අමාත්‍යාංශය විසින්.
අගරදගුරුතුමා පහුගිය කාලේ ඔබේ සමහර හොඳ ස්ථාවර නිසා මම ඔබට ගරු කරපු කෙනෙක්. නමුත් දැන් දැන් ඔබේ කතාව වෙනස්. උදාහරණයක් විදිහට ඔබ කියනවා කතෝලික පාසල් වහනවා කියලා. කතෝලික පාසල් වල දරුවෝ විතරද දරුවෝ? කතෝලික පාසල් නොවෙන පාසල් වල ඉගෙන ගන්න දරුවන්ට ඒ වෛරසය බෝ වුනාට කමක් නැත්ද? දැන් ඔබ කියයි ඒක රජයේ වැඩක් ඔබේ වැඩක් නෙමෙයි කියල. හැබැයි ඔබ අහල තියෙනවද අපේ මහා සංඝරත්නය කවදාවත් බෞද්ධ දරුවෝ කියලා වෙන් කරලා කතා කරනවා? බෞද්ධ පාසල් කියලා වෙන් කරලා කතා කරනවා? ඇත්තටම කිව්වොත් බෞද්ධයන්ට විතරයි වෙනම පාසල් නැත්තේ. අනිත් හැම ආගමකටම වෙනම පාසල් තියෙනවා. ඒක වෙනම කතාවක්. මම කියන්න ගියේ සෑම ජාතික ප්‍රශ්නයකදීම අපේ මහා සංඝරත්නය කතා කරන්නේ සමාජයේ ඉන්න සියලුම දරුවන් වෙනුවෙන්. එහෙම කතා කරලත් ඔවුන්ට ජාතිවාදීන් ආගම්වාදීන් කියල අපහාස කරනවා. නමුත් ඔබේ මේ කතාව බලන්න. ඒක තනිකරම ඔබේ ආගම විතරක් ඉහලට තියල කරන කතාවක් නෙමෙයිද?
පාසල් වැසීම කොරෝනාවෙන් බේරීමට ප්‍රතිකර්මයක්නම් ඔබ වහනේසේ එයකරන්න. කොහොමද පල්ලියේ දේශනාවලට පූජාවන් වලට බැතිමතුන් ගෙන්වා ගැනීම එයත් නතරකරනවාද?
‘කොරෝනා පාලනය කරන්න බැරිවුවහොත් සියලුම පාසල් වහන්න" කීවා නම් තමයි වටිනාකමක් තිබෙන්නේ... කතෝලික ළමයි විතරද ළමයි...? අනික් අය ළමයි නෙවෙයිද..?
කතෝලික පාසල් වැසීම ශුද්ධ වූ බයිබලයේ එන උපදේශයක් නොවේ.
කියන්නත් දෙයක්ද? කාදිනල් තුමා වහන්න ඉස්සර කොරෝනා ලස්සනට වහයි පාසල් ටික.