(සුජිත් හේවාජුලිගේ)
කොවිඩ් පැතිරීම ප්‍රබලව සිදුවන හෙයින් හැකිනම් මුව ආවරණ දෙකක් පළඳින ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් නිවෙසින් එළියට යන අවස්ථාවේදී "ෆේස් ෂීල්ඩ් " ආවරණයක් පැළඳීමද ඉතා වැදගත් බවත් ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
මේ අතර ළඟම ඇති සායනයට ගොස් වර්ගය , ජාතිය නොබලා කුමන හෝ කොවිඩ් මර්දන එන්නතක් කඩිනමින් ලබා ගන්නැයි ජනතාවගෙන් තමා ඉල්ලීමක් කරන බවද ඇය සඳහන් කළාය.
සමහරුන් විදේශගතවීමට විවිධ එන්නත් වර්ග සොයමින් සිටින බවත් විදේශගත වීමට පෙර කවුරුත් ජීවත්වී සිටිය යුතු බවත් ඇය සඳහන් කළාය.
එන්නත් තේරීම බොරු වැඩක් යැයිද රාජ්‍ය ඇමැතිවරිය කීවාය.
තම තමන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට තම තමන් කටයුතු කළ යුතු බවත් වෙනත් අය තීරණ ගන්නා තුරු නොසිට සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කළ යුතු බවත් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
ජනතාව හැකිතරම් නිවෙස්වලටවී කාලය ගත කිරීම වැදගත් බව පැවසූ විශේෂඥ වෛද්‍යවරිය කොරෝනා පාලනය කරගැනීමට හුදෙකලාවීම වැදගත් බවද සඳහන් කළාය.
කොරෝනාවලින් ගැලවීම සඳහා මූලික සෞඛ්‍ය කරුණු පහ අකුරටම පිළිපදින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමුව ඔබේ රජකාරිය නිවැරදිව ඉටුකරන්න.
ඒන්නත් තෝරන්නේ ඩොක්ටලානේ සමරු ෆොපෙසර් ඒනකල් බලන ඉනනව
අපි ඉන්නේ කොළඹට කිට්ටු නගරෙක, එ්ත් සතියට දෙපාරක් විතර වෝටර් බෝඩ් එකෙන් වතුර කපනවා. අතක් සෝදන්නවත් විදිහක් නැහැ.. ඉතින් කොහොමද කොරෝනා වලින් බේරෙන්නේ..?
කොරෝනා නීති ඔක්කොම ෆේල්, මේ රටේ දුර, මාස්ක්, නිරෝධායනය, සංචරණ.... දැන් මාස්ක් 02ක් පළඳින්න කියනවා... මිනිස්සුන්ට මාස්ක් තියා මුකුත්ම කරගන්න විදිහක් නෑ. බොරු මාධ්‍ය සංදර්ශන එපා.
කොරෝනාවෙන් තව කොපමණ මනුස්සයින් මරණයට පත්වෙයිද? කොරෝනාව ජයගැනීමට තව කොපමණ කාලයක් ගතවෙයිද? දැනට සොයාගෙන ඇති එන්නත් අපිට කොපමණ කාලයක් ආරක්ෂාව ලබාදෙයිද? යන මේ ප්‍රශ්න වලට තාම WHO නිසි පිළිතුරු නොමැති බව කරුණාවෙන් සලකා පරෙස්සම් වෙන්න.