නිමල් ජයරත්න
වැලිකන්ද කොවිඞ් 19 විශේෂ ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට අද(6) උදැසන 09.30 ට පමණ අනවසරයෙන් ඇතුලූ වී එහි ප‍්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ගේ හිසෙහි යම් තෙල් වර්ගයක් ආලේපනය කිරිමට උත්සහ ගත් පොලිස් කොස්තාපල්වරයකු එම රෝහලේ වෛද්‍යවරු මැදිහත් විමෙන් අල්ලා වැලිකන්ද පොලිසියට බාර දි ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා පස්සර පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරන අතර ඔහු පස් වෙනිදා රාත‍්‍රි සේවා මුරය අවසන් කර වැලිකන්ද ප‍්‍රදේශයට යතුරු පැදියකින් පැමිණ ඇති බව සදහන් වේ.
අප මේ පිලිබදව පොළොන්නරුව මහරෝහලේ අධ්‍යක්ෂ සම්පත් ඉන්දික කුමාර මහතාගෙන් කල විමසිමකදි පැවසුවේ වෛද්‍යවරුන් විසින් අල්ලා ගත් මෙම පුද්ගලයා වැලිකන්ද පොලිසිය වෙත භාර දුන් බවයි.
අත්අඩංගුවට පත්ව සිටින පොලිස් කොස්තාපල්වරයා යුද හමුදාවේ මැදිහත් විමෙන් පූනානි නිරෝධායන මුලස්ථානයට නිරෝධායන කටයුතු සදහා ඇතුලත් කිරිමට පියවර ගෙන තිබෙන බව නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ උසස් හමුදා නිලධාරියෙකු පැවසිය.
අත්අඩංගුවට ගෙන ඇත්තේ පස්සර කිරිමැටිය පදිංචි පොලිස් කොස්තාපල්වරයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නම් කියන්නේ මේ , තෙල් ගැවිල්ලේ පිටිපස්සේ තියෙන්නේ වෙන කතාවක් ..
කෙනෙකුට මොලය නම්වූ ඉන්ද්රිය උපතින්ම ලැබුණත් එය පාවිච්චි කිරීමේ හැකියාව උපතින්ම ලැබෙන්නේ නැත.
මෙම නිලධාරියා රෝගියාගේ හිසේ තෙල් ගල්වා ඇත්නම් ඒ ගැන ටිකක් විපරම්කර රෝගියා සුවවේද බලන්න සුව වුනොත්? කෙසේනමුත් මේ කාලයේ අත් බෙහෙත් වර්ග ඖෂධ වෙන්න පුළුවනි. කියමනක් තියෙනවනේ කුකුල් බෙටිත් බේතට ඕන වෙනවා කියල.
මෙයා ගාන්න ගිය තෙල් වර්ගය මොකක්ද? ඇයි එහෙම කරන්න හැදුවේ කියලා කවුරුවත්ම අහලා බලලා නැත්ද? සමහර විට කොරෝනා වලට කුමක් හෝ ප්‍රතිකර්මයක් සොයාගත්තා වෙන්නත් පුළුවන්.